Wednesday, October 10, 2012

5

පිළිලරිසියා

Posted in ,

මෙයාව හදුන්වන්නෙ Common Jezebel (Delias eucharis) කියලා. අයිති වෙන්නෙ පියරිඩේ (Pieridae) කියන කුලයටයි. විශාල ශරීර දරන සුදු හා කහ සමනල්ලු මෙම කුලයට අයත් වෙනවා.. (ශ්‍රී ලංකාව තුල මෙම කුලයට අයත් සමනල් විශේෂ 28 ක් හමුවන අතර එයින් විශේෂ 2 ක් ආවේණික විශේෂ වේ.)




මෙයා පියාපත් විහිදු විට මිලි මීටර් 65-85 පමණ වන මද්‍යම ප්‍රමාණයේ සමනලයෙක්. දිවයින පුරාම හමුවෙන සුලබ සමණලයෙක් වෙන මෙයා මද්‍යම කදුකරය අශ්‍රිතවනම් මදක් දුර්ලබයිලු.
පෝෂණ ශාක -  Dendrophthoe falcata සහ Scurrula parasitica

පිළිලරිසියාගේ ගැහැණු හා පිරිමි සමනලුන් ගොඩක් දුරට රූපීයව සමානයිලු. ඉතින් මේ ඉන්නෙ ගැණු ළමයෙක්ද පිරිමි ළමයෙක්ද කියලනම් මම දන්නෙ නෑලු..

මෙයානම් අපේ වත්ත පහල ඉදලා මට හම්බ වුනේ. අන්තිමට නිදාගන්න ‍තෝරගෙන තිබුනෙ වේලුනු කොස් කොලයක්..

5 comments:

  1. මරු ෆොටෝ ටික ඈ.මං ආසම බ්ලොග් වෙලා තියෙන්නේ මේකත්

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතු‍ටුයි එහෙම අහන්න ලැබීම ගැනත් යාලු..

      Delete
  2. හ්ම්ම්... කොස් කොලයක් උඩම එයා නැති වෙලා... නිවන් සුව පතමු නේද... ඇත්තටම ඇයි ඔය කාලෙකට විතරක් සමනල්ලු වැඩිපුර එන්නේ?

    ReplyDelete
    Replies
    1. මෝසම් වැහි වලට පස්සෙ එයාලා බිත්තර දාන්න පටන් ගන්නවලු.. මාත් වැඩිය දන්නෙ නෑ ඕකත් ඔය යාලුවෙක්ගෙන් අහගත්තෙ :)

      Delete
  3. නියමම නියමයි! ජය!

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.