Next
Previous
Showing posts with label Flowers. Show all posts

Monday, November 18, 2013

0

ආනවිලුන්දාවේ සොදුරු දවසක්...

Posted in , , , , , , ,






















Monday, September 30, 2013

2

Spending Sunday with my Galaxy S Duos

Posted in , , ,
 Kirindiwela Bus Stand - 6.00AM (Tone mapped & Cropped)

 My Home Garden (Cropped)

 My Home Garden (Cropped)

 My Home Garden (Cropped)

My Home Garden (Cropped & Adjusted colors)

Sunday, August 18, 2013

4

Infected and Proud !

Posted in , , , , , , , , , , ,
බ්ලොග් ගඩොල් එකේ උපාසකගෙ මුල්ම කැමරාව ගැන ලියන්න හිතුනා. ලෝක ඡායාරූප දිනය වෙනුවෙන් යමක් ලියන්න ඕන කමත් හිතේ තිබුන කාලෙක ඉදන්මයි. කොහොම හරි බ්ලොග් ගඩොල් එකේ ලිපිය ලියන්න ගිහින් ලියවුනේ හිතේ තිබුනු වෙනමම කතාවක්...!

අද මගෙ උපන් දිනය, ඒ වගෙම ලෝක ඡායාරූප දිනය යෙදිලා තියෙන්නෙත් අද දවසෙමයි.. (ඊටත් වඩා සතුටක් තවත් තියෙයිද...)

ඉතින් කොහොමහරි අද ෆොටෝ නොදා යමක් ලියන්න හිතුනා..
ෆොටෝ පිස්සුව, ෆොටෝ ගහන යාලුවො, හරි වැරදි කියලා දෙන ගුරුවරු, මූණු පොතේ කණ්ඩායම්...... මේ හැමෝම වෙනුවෙනුයි මේ වචන ටික ලියවුනේ.......



ඡායාරූපකරණය කියන්නෙ උණක්. නහරයක් නහරයක් ගානෙ යන හැම ලේ බිංදුවක්ම ආසාදනය වෙන, සනීප කරන්න බැරි ලෙඩක්. මේක ඇගට ආවොත් පුතේ උඹ කපෝතියි....!

ලෙඩේ සනීප කරගන්න කියල හිතල උඹ ගනීවි කැමරාවක්. හතර වටේට ඕක මානගෙන ෆොටෝ අල්ලාවි. හිතයි ලෙඩේ හොද උනා කියලා... ඒත් කාලයක් ගියාම තේරෙයි උඹට!

ඒක හොද වෙන්නෙ නෑ, වැඩි වෙනවා විතරයි. නහර ගානෙ දුවපු වයිරසය උඹෙ ස්නායු වලත් පැතිරෙයි. කැමරාව මදි වෙයි, තව තව ලෙන්ස් ඕන වෙයි, පපුව ගැහෙන ලබ් ඩබ් සද්දෙ වෙනස් වෙයි. ඒ වෙනුවට වෙන සද්ද ඇහෙයි...

ෆොහ්-ටොහ් ෆොහ්-ටොහ්  !
නික්-කොන් නික්-කොන්   !
කැන්-නොන් කැන්-නොන්!

                 මේ සද්ද එලියටත් ඇහෙන්න ගනීවි.




නෙට් ගියොත්........... ෆොටෝ සයිට්ස්, වීඩියෝ ටියුටෝරියල්ස්, පීඩීඑෆ් ෆයිල්ස්, ෆොටෝ එඩිටින්ග් සොෆ්ට්වෙයාර්ස්.......... මේවයින් පිට වෙන සයිට් එකකට යන්න වෙලා මදි වේවි. මූණු පොතට ගියොත් ෆොටෝ ගෲප් වලම කාලෙ කාවි. එලියට බැස්සොත් පේන පේන හැමදේකම ෆොටෝ අල්ලාවි. කැමරාව අතේ නැත්නම් නොගෙනාව එක ගැන දවසම දුක් වේවි.

DSLR, Reel, Point & Shoot, Phone Camera නැතිනම් වෙබ් කැමරාවෙන් හරි උඹ ෆොටෝ ගහවි. අම්මගෙන් බැණුම් අහවි.
ගෑණු ළමයටනම් බේරිල්ලක් වෙන එකක් නෑ, පාර්ක් එකේදිත්, බීච් එකේදිත්, පාරෙ බස් එකේදිත් එයාගෙ ෆොටෝ ගහවි උඹ. ඒ වගෙම එයා එක්ක ඉද්දි ලගින් සමණලයෙක් ගියොත් උඹ සමණලයා පස්සෙ පන්නාවි. ගෑණු ළමයා බොරුවට තරහා වේවි. ඒත් උඹ බයවෙන්න එපා,
අම්මා බැන්නත්, ගෑණු ළමයා තරහා වුනත් එයාල උඹේ පිස්සුවට ආදරේ කරාවි...!



මූණු පොතේදි උඹේ ලෙඩේම තියෙන අලුත් යාලුවො හම්බවේවි. උඹ උන් එක්ක කැලවල්, දිය ඇලි වල ෆොටෝ ගහන්න යාවි. වැටිලා තුවාල කරගෙන ගෙදර ඒවි. උඹ වැ‍ටුනත්, කකුලක් කැඩුනත් උඹ කැමරාව බේරගනී. මොකද ඒක උඹෙ ජීවිතේ වගේ..

ගෙදර ඇවිත් ගත්තු ෆොටෝ එඩිට් කරල මූණු පොතේ ගෲප් වල දාවි. ඒවයෙ හොද නරක ගැන කියන්න ගිහින් රණ්ඩුත් වේවි. ෆොටෝකාරයෙක්ගෙ ඇස් වගෙම හිතත් හරිම සංවේදියි. ඒ නිසාම දුක හිතලා තරහා වේවි. ඒත් උන්ගෙ හිත් හරි සුන්දරයි, ටික දවසකින් තරහ අමතක වෙවි, ආයෙ යාලු වෙවි..


ෆොටෝග්‍රැපි කියන කුලකය ඇතුලෙ ඉන්න අපි හරි පොඩි පැටව්. ඒත් ඉස්කෝලෙ යන කාලෙදි කන්න දුන්නු සල්ලි පවා ඉතුරු කරන් කොහොමහරි ඩිජියක් ගත්තු දවසෙ ඉදලා අද වෙනකල් ගහපු හැම ෆොටෝ එකක් ගැනම මට ආඩම්බරයි.
උඹත් කවදහරි ආපහු හැරිලා බලපු දවසක කියපන් මට......
ආඩම්බර නැද්ද උඹට???




ප.ලි :- 

කැමරාව සල්ලි හම්බකරගැනීම පමණක් වෙනුවෙන් යොදවන අය ඕන තරම්. මේ එයාල වෙනුවෙන් නෙවෙයි.

කන්න බොන්න ලැබෙන සල්ලි වලින් පවා කීයක් හරි කැමරාවක් ගන්න ඉතුරු කරන, අම්මල තාත්තලට අඩල අඩලා සල්ලි ඉල්ලන, එහෙම නැත්නම් රස්සාවෙ පලවෙනි පඩියෙ ඉදල කැමරාවක් වෙනුවෙන් ඉතුරු කරන ෆොටෝ පිස්සු හැදීගෙන එන කොල්ලො ඉන්නවා...

කොහොමහරි කැමරාවක් අරන්, නැත්නම් යාලුවෙක්ගෙන් හරි ඉල්ලගෙන තව ඒ වගෙම පිස්සො එක්ක කැලවල් වල, රේල් පාරවල් වල දවස් ගනන් ක‍ටු කකා ෆොටෝ ගන්න, ඒවා මූණු පොතේදි බෙදාගෙන හොද නරක කතා කරන එවුන් ඉන්නවා...

කහනවට වගෙ තමන්ට තියෙන සීමිත නිදහස් වෙලාවත් මූණුපොතේ දරුවන්ට දැනුම ලබා දීම වෙනුවෙන් යොදවන අපෙ ගුරුවරු කණ්ඩායමක් ඉන්නවා...

ඔව් එහෙම සුන්දර මිනිස්සු කොටසක් ඉන්නවා... මේ ලිව්වෙ උන් වෙනුවෙන්!!!
          මොන කරදර ප්‍රශ්න ආවත් උඹ ෆොටෝ ගැහිල්ල අතාරින්න එපා. ඒක උඹේ ජීවිතේ ලස්සණ කරාවි....!

Sunday, December 23, 2012

10

කැලෑ මල් පිපී විකසිතව

Posted in ,
                
                උදෙන්ම කැමරාවත් අරගෙන වෙල පැත්තට ගියෙ සමණල්ලුන්ගෙ ෆොටෝස් ටිකක් ගන්න හිතාගෙන. ඒත් පැයක් දෙකක් එහෙ මෙහෙ ඇවිද්දත් ආසාවට එකෙක්වත් ආවෙ නෑනෙ. කරුමෙ කියන්නෙ කුරුල්ලෙක්වත් නැහැ. උනුත් ලෝක විනාසේ බයේ හැංගිලාද මන්දා.. අපි වලක් කැපුවොත් ඒකෙත් ගෙම්බොලු. නිකන්නම් කමක් නැහැ වලෙත් ගස් ගෙම්බො.

                 ලෝක විනාසෙ ගැන කිව්වමයි මතක් වුනේ. මේ දවස් වල හැමතැනම කතා වෙන්නෙ පාට පාට එලි ගැනයි, රතු වැහි ගැනයිනෙ. ටීවි එකේ ඉන්න අංකල්ලා ඇන්ටිලාත් ඉතින් ඕවා ගැන රස කර කර කියනවලුනෙ. මමනම් ටීවි එක ප්‍රවෘත්ති ඇහිල්ල අතෑරලා දාලා සෑහෙන කල්ලු.. ඒත් තාම ගොඩක් දෙනක් ඕවා අහලා විශ්වාස කරනවනෙ.. ඉතින් එහෙම එකෙක් හරි හැදෙයි කියලා හිතාගෙන අපේ බ්ලොග් ගඩොල් එකේ ලිපියක් පල කලා "අවිද්‍යාව, ජ්‍යෝතිෂය සහ ලාංකික සමාජය" කියලා. ඔන්න ඔහෙ ඒකත් ගිහින් කියෝලා එන්නකෝ..



හරි ඒ කතා ඇති. දැන් බලමු කැලෑ මලේ ලස්සණ........................

                 හිස් අතින් ආපහු එද්දි තමා මේයාලව දැක්කෙ. වෙල අයිනෙ බඩවැටියකලු මෙයාල පිපිලා හිටියෙ. එක එක අතට ෆොටෝස් විස්සක් විතර ගහපු මම ආපහු ගෙදර බලා සැපත් වුනාලු.  






මෙයාලගෙ නම ගමනම් මම දන්නෙ නැහැ, දන්න කෙනෙක් ඉන්නවනම් හැමෝමත් එක්ක ඒ තොරතුරු බෙදාගන්න අමතක කරන්න එපා ඔන්න..

Saturday, December 8, 2012

2

A Little Closer

Posted in ,
ශ්‍රී ලංකාවේ සමනල්ලු 4 වන කොටස දැන් ලියන ගමන්. විස්තර හොය හොයා ලිපියක් ලියන්න ටිකක් කාලය ඕන නිසා එතකල් වෙන පින්තූර ටිකක් දාන්න හිතුනා.

ඒ අතර අපෙ සහෝදරයෙක් චෝදනාවකුත් කරලා තිබුනනෙ මම කමෙන්ට්ස් දාන්නෙ නැහැ කියලා. ලිපි දාන්නෙත් කලාතුරකින් කියලා මැසේජ් එකකුත් එවලා තිබුනා.ඇත්ත තමයි මම මේ බ්ලොග් එකෙන් ගිහින් කමෙන්ට් කරල තියෙන්නෙ හරිම අඩුවෙන්. හේතුව මේකයි විනෝදාංශයක් විදියට ෆොටෝ බ්ලොග් එකක් කලාට අපි මූලිකත්වය දෙන්නෙ බ්ලොග් ගඩොලටයි. කස්ටියම කාර්යබහුල නිසා ඒකෙත් ලිපි ලියවුනේ හරිම අඩුවෙන්. ඉතින් මේකෙන් කමෙන්ට්ස් නොකලට තරහ වෙන්න එපා යාලුවනේ අපි පුලුවන් වෙලාවට අවෙත් හැම එකක්ම කියවනවා. කමෙන්ට්ස් දාන්නෙනම් ගොඩක් දුරට බ්ලොග් ගඩොල් එකෙන් විතරයි.

හොදයි එහෙනම් ඒ කතා ඇති, දැන් කතා කරමුකො අද ෆොටෝ ටික ගැන..

ගිය ඉරිදා දවසම ගෙදර. කම්මැලි කම නිසා කැමරාවත් අරන් එලියට බැස්සෙ වත්ත වටේ ෆොටෝ ‍ටුවර් එකක් දාන්න හිතාගෙන. ඒත් පැයක් යන්නත් කලින් වහින්න පටන් ගත්ත.. මොනා කරන්නද, කාමරේට ඇවිත් පැය ගානක නින්දක් දැම්මා ඉතින් :)
අපි ගෙවන ඒකාකාරී ජීවිතයෙන් මිදිලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕන උනාම යාලුවො එක්ක සෙට් වෙලා යනවනෙ ලස්සණ කැලයක්, දිය ඇල්ලක් එහෙම බලන්න. පරිසරයෙ ලස්සණත් එක්ක දවසක් ගෙවුනම ඇත්තටම හිත කොච්චරනම් සැහැල්ලු වෙනවද.. ඒත් ඇත්තටම ඕකට එහෙම යන්න වෙලාවක්වත්, සල්ලිත් නැත්නම්???

පරිසරයෙ කොච්චර ලස්සණ රටා, හැඩතල තියෙනවද? කීයෙන් කී දෙනාටද ඒවයෙ ලස්සණ විදින්න මතක් වෙන්නෙවත්.. ඒත් පොඩි කාලයක් ඒ වෙනුවෙන් යොදවන්න. පරිසරයට ලං වෙලා බලන්න.. කලින් නොදැකපු සුන්දර දසුන් ඕනතරම් ඔයාලට හමු වේවි.. මම ලං වෙලා බැලුවා. වැඩි වෙලාවක් නෙවෙයි විනාඩි 40යි.
"A Little Closer" කියලා ඔයාලට පෙන්නන්න අරගෙන ආවෙ ඒ මම දැකපු ලස්සණින් කොටසක්.............













පොඩ්ඩ්ක් එලියට ගිහින් බලන්න, මේ වගෙ, මීට වඩා ලස්සණ දේවල් ඕනතරම් හමු වේවි.

පලි: පූසො සෙට් එක කාලෙකට පස්සෙ ආයෙ කතා ලියන්නයි ලෑස්තිය. ඔන්න අද එකක් දැම්ම. ඒකත් බලලම යන්න.. > හයවෙනි ඉන්ද්‍රිය

VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.