Next
Previous
Showing posts with label People. Show all posts

Saturday, February 15, 2014

4

Valentine's Day , Poya day & Love!!!

Posted in , , , ,

ප්‍රේමයෙන් ඔබ්බට
පිවිතුරු සිතින්,
දෝතින් දරාගත් ස්නේහයත්
හදවතින් දරාගත් ස්නේහයත්
පිරුණු
සදාකාලික බැදීමක
අපූරුව..







Valentine's Day!


I don't know about u guys, but personally i don't understand why this thing is so popular. Its way too commercialized. Its not really about love, is it? Its all about spending money as much as you could in order to show how much you love.

Now don't get me wrong, i'm not against it. I don't hate it. Celebrating Valentine's is a good thing, as some people will have a feeling of love & caring at least on one day of the year. But do we really need only one day to tell someone that we love them? Shouldn’t we be doing this everyday???
Just a thought!


So anyway, i took this photo Yesterday morning while i was traveling in Katharagama area with my family. A pregnant lady with her husband is going to worship Sthupa in Sella-Katharagama. She must be praying for a healthy child & long lasting love in their little family..... 




* Thank you Kaushi Weerasinghe for the lovely sinhala poem..


Also check out -

Wednesday, February 5, 2014

3

Have respect

Posted in , ,




 

“you should never get close to people in order to take their photo; you should take their photo in order to get closer to them”

Act as if your camera is a bridge and not a weapon. people are not zebras and we are not hunters.

- Via Internet



Also check out -


Monday, November 18, 2013

0

ආනවිලුන්දාවේ සොදුරු දවසක්...

Posted in , , , , , , ,






















Monday, October 7, 2013

1

ශරීර බර සහ ජීවන බර...

Posted in , ,
එක්කෙනෙක්ගෙ ශරීර බර තව කෙනෙක් ගේ ජීවන බර වෙන හැටි...



Friday, October 4, 2013

1

Galle Face Green - 2

Posted in ,








2

Galle Face Green - 1

Posted in ,







Sunday, August 18, 2013

4

Infected and Proud !

Posted in , , , , , , , , , , ,
බ්ලොග් ගඩොල් එකේ උපාසකගෙ මුල්ම කැමරාව ගැන ලියන්න හිතුනා. ලෝක ඡායාරූප දිනය වෙනුවෙන් යමක් ලියන්න ඕන කමත් හිතේ තිබුන කාලෙක ඉදන්මයි. කොහොම හරි බ්ලොග් ගඩොල් එකේ ලිපිය ලියන්න ගිහින් ලියවුනේ හිතේ තිබුනු වෙනමම කතාවක්...!

අද මගෙ උපන් දිනය, ඒ වගෙම ලෝක ඡායාරූප දිනය යෙදිලා තියෙන්නෙත් අද දවසෙමයි.. (ඊටත් වඩා සතුටක් තවත් තියෙයිද...)

ඉතින් කොහොමහරි අද ෆොටෝ නොදා යමක් ලියන්න හිතුනා..
ෆොටෝ පිස්සුව, ෆොටෝ ගහන යාලුවො, හරි වැරදි කියලා දෙන ගුරුවරු, මූණු පොතේ කණ්ඩායම්...... මේ හැමෝම වෙනුවෙනුයි මේ වචන ටික ලියවුනේ.......



ඡායාරූපකරණය කියන්නෙ උණක්. නහරයක් නහරයක් ගානෙ යන හැම ලේ බිංදුවක්ම ආසාදනය වෙන, සනීප කරන්න බැරි ලෙඩක්. මේක ඇගට ආවොත් පුතේ උඹ කපෝතියි....!

ලෙඩේ සනීප කරගන්න කියල හිතල උඹ ගනීවි කැමරාවක්. හතර වටේට ඕක මානගෙන ෆොටෝ අල්ලාවි. හිතයි ලෙඩේ හොද උනා කියලා... ඒත් කාලයක් ගියාම තේරෙයි උඹට!

ඒක හොද වෙන්නෙ නෑ, වැඩි වෙනවා විතරයි. නහර ගානෙ දුවපු වයිරසය උඹෙ ස්නායු වලත් පැතිරෙයි. කැමරාව මදි වෙයි, තව තව ලෙන්ස් ඕන වෙයි, පපුව ගැහෙන ලබ් ඩබ් සද්දෙ වෙනස් වෙයි. ඒ වෙනුවට වෙන සද්ද ඇහෙයි...

ෆොහ්-ටොහ් ෆොහ්-ටොහ්  !
නික්-කොන් නික්-කොන්   !
කැන්-නොන් කැන්-නොන්!

                 මේ සද්ද එලියටත් ඇහෙන්න ගනීවි.




නෙට් ගියොත්........... ෆොටෝ සයිට්ස්, වීඩියෝ ටියුටෝරියල්ස්, පීඩීඑෆ් ෆයිල්ස්, ෆොටෝ එඩිටින්ග් සොෆ්ට්වෙයාර්ස්.......... මේවයින් පිට වෙන සයිට් එකකට යන්න වෙලා මදි වේවි. මූණු පොතට ගියොත් ෆොටෝ ගෲප් වලම කාලෙ කාවි. එලියට බැස්සොත් පේන පේන හැමදේකම ෆොටෝ අල්ලාවි. කැමරාව අතේ නැත්නම් නොගෙනාව එක ගැන දවසම දුක් වේවි.

DSLR, Reel, Point & Shoot, Phone Camera නැතිනම් වෙබ් කැමරාවෙන් හරි උඹ ෆොටෝ ගහවි. අම්මගෙන් බැණුම් අහවි.
ගෑණු ළමයටනම් බේරිල්ලක් වෙන එකක් නෑ, පාර්ක් එකේදිත්, බීච් එකේදිත්, පාරෙ බස් එකේදිත් එයාගෙ ෆොටෝ ගහවි උඹ. ඒ වගෙම එයා එක්ක ඉද්දි ලගින් සමණලයෙක් ගියොත් උඹ සමණලයා පස්සෙ පන්නාවි. ගෑණු ළමයා බොරුවට තරහා වේවි. ඒත් උඹ බයවෙන්න එපා,
අම්මා බැන්නත්, ගෑණු ළමයා තරහා වුනත් එයාල උඹේ පිස්සුවට ආදරේ කරාවි...!



මූණු පොතේදි උඹේ ලෙඩේම තියෙන අලුත් යාලුවො හම්බවේවි. උඹ උන් එක්ක කැලවල්, දිය ඇලි වල ෆොටෝ ගහන්න යාවි. වැටිලා තුවාල කරගෙන ගෙදර ඒවි. උඹ වැ‍ටුනත්, කකුලක් කැඩුනත් උඹ කැමරාව බේරගනී. මොකද ඒක උඹෙ ජීවිතේ වගේ..

ගෙදර ඇවිත් ගත්තු ෆොටෝ එඩිට් කරල මූණු පොතේ ගෲප් වල දාවි. ඒවයෙ හොද නරක ගැන කියන්න ගිහින් රණ්ඩුත් වේවි. ෆොටෝකාරයෙක්ගෙ ඇස් වගෙම හිතත් හරිම සංවේදියි. ඒ නිසාම දුක හිතලා තරහා වේවි. ඒත් උන්ගෙ හිත් හරි සුන්දරයි, ටික දවසකින් තරහ අමතක වෙවි, ආයෙ යාලු වෙවි..


ෆොටෝග්‍රැපි කියන කුලකය ඇතුලෙ ඉන්න අපි හරි පොඩි පැටව්. ඒත් ඉස්කෝලෙ යන කාලෙදි කන්න දුන්නු සල්ලි පවා ඉතුරු කරන් කොහොමහරි ඩිජියක් ගත්තු දවසෙ ඉදලා අද වෙනකල් ගහපු හැම ෆොටෝ එකක් ගැනම මට ආඩම්බරයි.
උඹත් කවදහරි ආපහු හැරිලා බලපු දවසක කියපන් මට......
ආඩම්බර නැද්ද උඹට???




ප.ලි :- 

කැමරාව සල්ලි හම්බකරගැනීම පමණක් වෙනුවෙන් යොදවන අය ඕන තරම්. මේ එයාල වෙනුවෙන් නෙවෙයි.

කන්න බොන්න ලැබෙන සල්ලි වලින් පවා කීයක් හරි කැමරාවක් ගන්න ඉතුරු කරන, අම්මල තාත්තලට අඩල අඩලා සල්ලි ඉල්ලන, එහෙම නැත්නම් රස්සාවෙ පලවෙනි පඩියෙ ඉදල කැමරාවක් වෙනුවෙන් ඉතුරු කරන ෆොටෝ පිස්සු හැදීගෙන එන කොල්ලො ඉන්නවා...

කොහොමහරි කැමරාවක් අරන්, නැත්නම් යාලුවෙක්ගෙන් හරි ඉල්ලගෙන තව ඒ වගෙම පිස්සො එක්ක කැලවල් වල, රේල් පාරවල් වල දවස් ගනන් ක‍ටු කකා ෆොටෝ ගන්න, ඒවා මූණු පොතේදි බෙදාගෙන හොද නරක කතා කරන එවුන් ඉන්නවා...

කහනවට වගෙ තමන්ට තියෙන සීමිත නිදහස් වෙලාවත් මූණුපොතේ දරුවන්ට දැනුම ලබා දීම වෙනුවෙන් යොදවන අපෙ ගුරුවරු කණ්ඩායමක් ඉන්නවා...

ඔව් එහෙම සුන්දර මිනිස්සු කොටසක් ඉන්නවා... මේ ලිව්වෙ උන් වෙනුවෙන්!!!
          මොන කරදර ප්‍රශ්න ආවත් උඹ ෆොටෝ ගැහිල්ල අතාරින්න එපා. ඒක උඹේ ජීවිතේ ලස්සණ කරාවි....!

Friday, August 16, 2013

1

නුඹ ගියත් ඈතින්...

Posted in ,

නුඹ ගියත් ඈතින්
මා වෙතින්...........
මම හිදිම් ඒ දෙසින්
නෙත් යොමන්...
නුඹව මට
හිමි නැතැයි කියුවත්
නුඹේ මුවින්..........


2

Kelaniya Temple (PART TWO)

Posted in , , , , , ,

VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.