Next
Previous
Showing posts with label Railway. Show all posts

Wednesday, October 3, 2012

21

නානු ඔය දුම්රියපොළ

Posted in , , , ,

මධ්‍යම පළාතේ නුවර එලිය දිස්ත්‍රික්කයේ පිහිටා තියෙන නානුඔය දුම්රිය ස්ථානය, ප්‍රධාන දුම්රිය මාර්ගයේ පිහිටා ඇති 63වන දුම්රිය පොළයි. මුහුදු මට්ටමේ ඉදලා මීටර 1600ක් පමණ ඉහලින් පිහිටා ඇති මෙම දුම්රිය පොළට, කදුරට දුම්රිය ස්ථාන අතුරින් වැදගත් තැනක් හිමිවෙනවා... සංචාරක පාරාදීසයක් වන නුවර එළිය නගරයට ලගින්ම තිබෙන දුම්රිය ස්ථානය මෙය වීමත් එයට එක හේතුවක්...

ෆොටෝ එක ගැන කියනවනම් මේක ගත්තෙ ෆේස්බුක් එකෙන් සෙට් වුන කෝච්චි පිස්සො ටිකක් එක්ක ගිය රේල් හයික් එකකදි.... රෑ කොළඹ කො‍ටුව දුම්රිපොළෙන් පිටත් වුන අපි පහුවෙනිදා පාන්දර 4 විතර වෙද්දි නානු ඔය දුම්රිය පළට ලගාවුනා.
 7 විතර වෙනකල් ස්ටේෂන් එකේම නිදාගෙන, නානු ඔය ටවුමෙන් උදේට කෑවට පස්සෙ ස්ටේෂන් එකේ ඔය ඉදලා ආපහු පහලට කි.මී 20ක් රේල් පාර දිගේ ඇවිදගෙන ආවා.. ගමන ඉවර වෙද්දි හොද පණ ගිහින්... මම හිතන්නෙ අපේ කකුල් අපිටම සුද්ද සිංහලෙන් බණින්නත් ඇති..
ඒත් ඒක නියමම අත්දැකීමක්!

මම කලින් පල කරපු ගෝමර සිටිබිච්චාගෙ රූපයත් ධ්‍රැවීය පැනරෝමාවක් විදියට හදපු මෙ කෝච්චියෙ ෆොටෝ එකත් ඔය කිව්ව රේල් හයික් ගමනෙදි ගත්තු ඒවා තමයිලු...

ඒ විතරක් නෙවෙයි මේ අක්කත් හම්බවුනේ එදා නානුඔය ටවුන් එකෙන් උදේට කලා එද්දි තමයිලු.. :D

Tuesday, June 26, 2012

2

ධ්‍රැවීය පැනොරාමා...

Posted in , ,

Monday, February 6, 2012

0

S10 Triple 8

Posted in

Friday, January 20, 2012

0

S8

Posted in ,
S8-826 දුම්රිය ගම්පහ - යාගොඩ අතර ඇති පාලම පසු කරමින්...





VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.