Next
Previous
Showing posts with label Multiplicity. Show all posts
Friday, September 13, 2013
Sunday, August 18, 2013
Infected and Proud !
Posted in Animals/Birds, Butterflies, Education, Flowers, HDR, Mobile Photography, Multiplicity, People, Poetic, silhouettes, Sky/Sun, Travel
බ්ලොග් ගඩොල් එකේ උපාසකගෙ මුල්ම කැමරාව ගැන ලියන්න හිතුනා. ලෝක ඡායාරූප දිනය වෙනුවෙන් යමක් ලියන්න ඕන කමත් හිතේ තිබුන කාලෙක ඉදන්මයි. කොහොම හරි බ්ලොග් ගඩොල් එකේ ලිපිය ලියන්න ගිහින් ලියවුනේ හිතේ තිබුනු වෙනමම කතාවක්...!
අද මගෙ උපන් දිනය, ඒ වගෙම ලෝක ඡායාරූප දිනය යෙදිලා තියෙන්නෙත් අද දවසෙමයි.. (ඊටත් වඩා සතුටක් තවත් තියෙයිද...)
ඉතින් කොහොමහරි අද ෆොටෝ නොදා යමක් ලියන්න හිතුනා..
ෆොටෝ පිස්සුව, ෆොටෝ ගහන යාලුවො, හරි වැරදි කියලා දෙන ගුරුවරු, මූණු පොතේ කණ්ඩායම්...... මේ හැමෝම වෙනුවෙනුයි මේ වචන ටික ලියවුනේ.......
ලෙඩේ සනීප කරගන්න කියල හිතල උඹ ගනීවි කැමරාවක්. හතර වටේට ඕක මානගෙන ෆොටෝ අල්ලාවි. හිතයි ලෙඩේ හොද උනා කියලා... ඒත් කාලයක් ගියාම තේරෙයි උඹට!
ඒක හොද වෙන්නෙ නෑ, වැඩි වෙනවා විතරයි. නහර ගානෙ දුවපු වයිරසය උඹෙ ස්නායු වලත් පැතිරෙයි. කැමරාව මදි වෙයි, තව තව ලෙන්ස් ඕන වෙයි, පපුව ගැහෙන ලබ් ඩබ් සද්දෙ වෙනස් වෙයි. ඒ වෙනුවට වෙන සද්ද ඇහෙයි...
ෆොහ්-ටොහ් ෆොහ්-ටොහ් !
නික්-කොන් නික්-කොන් !
කැන්-නොන් කැන්-නොන්!
මේ සද්ද එලියටත් ඇහෙන්න ගනීවි.

නෙට් ගියොත්........... ෆොටෝ සයිට්ස්, වීඩියෝ ටියුටෝරියල්ස්, පීඩීඑෆ් ෆයිල්ස්, ෆොටෝ එඩිටින්ග් සොෆ්ට්වෙයාර්ස්.......... මේවයින් පිට වෙන සයිට් එකකට යන්න වෙලා මදි වේවි. මූණු පොතට ගියොත් ෆොටෝ ගෲප් වලම කාලෙ කාවි. එලියට බැස්සොත් පේන පේන හැමදේකම ෆොටෝ අල්ලාවි. කැමරාව අතේ නැත්නම් නොගෙනාව එක ගැන දවසම දුක් වේවි.
DSLR, Reel, Point & Shoot, Phone Camera නැතිනම් වෙබ් කැමරාවෙන් හරි උඹ ෆොටෝ ගහවි. අම්මගෙන් බැණුම් අහවි.
ගෑණු ළමයටනම් බේරිල්ලක් වෙන එකක් නෑ, පාර්ක් එකේදිත්, බීච් එකේදිත්, පාරෙ බස් එකේදිත් එයාගෙ ෆොටෝ ගහවි උඹ. ඒ වගෙම එයා එක්ක ඉද්දි ලගින් සමණලයෙක් ගියොත් උඹ සමණලයා පස්සෙ පන්නාවි. ගෑණු ළමයා බොරුවට තරහා වේවි. ඒත් උඹ බයවෙන්න එපා,
අම්මා බැන්නත්, ගෑණු ළමයා තරහා වුනත් එයාල උඹේ පිස්සුවට ආදරේ කරාවි...!
මූණු පොතේදි උඹේ ලෙඩේම තියෙන අලුත් යාලුවො හම්බවේවි. උඹ උන් එක්ක කැලවල්, දිය ඇලි වල ෆොටෝ ගහන්න යාවි. වැටිලා තුවාල කරගෙන ගෙදර ඒවි. උඹ වැටුනත්, කකුලක් කැඩුනත් උඹ කැමරාව බේරගනී. මොකද ඒක උඹෙ ජීවිතේ වගේ..
ගෙදර ඇවිත් ගත්තු ෆොටෝ එඩිට් කරල මූණු පොතේ ගෲප් වල දාවි. ඒවයෙ හොද නරක ගැන කියන්න ගිහින් රණ්ඩුත් වේවි. ෆොටෝකාරයෙක්ගෙ ඇස් වගෙම හිතත් හරිම සංවේදියි. ඒ නිසාම දුක හිතලා තරහා වේවි. ඒත් උන්ගෙ හිත් හරි සුන්දරයි, ටික දවසකින් තරහ අමතක වෙවි, ආයෙ යාලු වෙවි..
ෆොටෝග්‍රැපි කියන කුලකය ඇතුලෙ ඉන්න අපි හරි පොඩි පැටව්. ඒත් ඉස්කෝලෙ යන කාලෙදි කන්න දුන්නු සල්ලි පවා ඉතුරු කරන් කොහොමහරි ඩිජියක් ගත්තු දවසෙ ඉදලා අද වෙනකල් ගහපු හැම ෆොටෝ එකක් ගැනම මට ආඩම්බරයි.
උඹත් කවදහරි ආපහු හැරිලා බලපු දවසක කියපන් මට......
ආඩම්බර නැද්ද උඹට???
ප.ලි :-
කැමරාව සල්ලි හම්බකරගැනීම පමණක් වෙනුවෙන් යොදවන අය ඕන තරම්. මේ එයාල වෙනුවෙන් නෙවෙයි.
කන්න බොන්න ලැබෙන සල්ලි වලින් පවා කීයක් හරි කැමරාවක් ගන්න ඉතුරු කරන, අම්මල තාත්තලට අඩල අඩලා සල්ලි ඉල්ලන, එහෙම නැත්නම් රස්සාවෙ පලවෙනි පඩියෙ ඉදල කැමරාවක් වෙනුවෙන් ඉතුරු කරන ෆොටෝ පිස්සු හැදීගෙන එන කොල්ලො ඉන්නවා...
කොහොමහරි කැමරාවක් අරන්, නැත්නම් යාලුවෙක්ගෙන් හරි ඉල්ලගෙන තව ඒ වගෙම පිස්සො එක්ක කැලවල් වල, රේල් පාරවල් වල දවස් ගනන් කටු කකා ෆොටෝ ගන්න, ඒවා මූණු පොතේදි බෙදාගෙන හොද නරක කතා කරන එවුන් ඉන්නවා...
කහනවට වගෙ තමන්ට තියෙන සීමිත නිදහස් වෙලාවත් මූණුපොතේ දරුවන්ට දැනුම ලබා දීම වෙනුවෙන් යොදවන අපෙ ගුරුවරු කණ්ඩායමක් ඉන්නවා...
ඔව් එහෙම සුන්දර මිනිස්සු කොටසක් ඉන්නවා... මේ ලිව්වෙ උන් වෙනුවෙන්!!!
මොන කරදර ප්‍රශ්න ආවත් උඹ ෆොටෝ ගැහිල්ල අතාරින්න එපා. ඒක උඹේ ජීවිතේ ලස්සණ කරාවි....!
Friday, December 30, 2011
Subscribe to:
Posts (Atom)
Labels
Animals/Birds
(30)
B&W
(1)
Bokhe
(2)
Butterflies
(17)
Download
(2)
Education
(23)
Flowers
(8)
HDR
(18)
Heritage
(11)
Locations
(8)
Macro/CloseUp
(6)
Mobile Photography
(4)
Mountains
(4)
Multiplicity
(5)
Nature
(10)
Panorama
(2)
People
(28)
Poetic
(41)
Railway
(4)
Religious
(13)
silhouettes
(12)
Sky/Sun
(11)
Travel
(51)
Trick Photography
(7)
VISIT SRI LANKA
(41)
Water Falls
(1)
Weddings
(2)
.jpg)














.jpg)







