Saturday, December 8, 2012

2

A Little Closer

Posted in ,
ශ්‍රී ලංකාවේ සමනල්ලු 4 වන කොටස දැන් ලියන ගමන්. විස්තර හොය හොයා ලිපියක් ලියන්න ටිකක් කාලය ඕන නිසා එතකල් වෙන පින්තූර ටිකක් දාන්න හිතුනා.

ඒ අතර අපෙ සහෝදරයෙක් චෝදනාවකුත් කරලා තිබුනනෙ මම කමෙන්ට්ස් දාන්නෙ නැහැ කියලා. ලිපි දාන්නෙත් කලාතුරකින් කියලා මැසේජ් එකකුත් එවලා තිබුනා.ඇත්ත තමයි මම මේ බ්ලොග් එකෙන් ගිහින් කමෙන්ට් කරල තියෙන්නෙ හරිම අඩුවෙන්. හේතුව මේකයි විනෝදාංශයක් විදියට ෆොටෝ බ්ලොග් එකක් කලාට අපි මූලිකත්වය දෙන්නෙ බ්ලොග් ගඩොලටයි. කස්ටියම කාර්යබහුල නිසා ඒකෙත් ලිපි ලියවුනේ හරිම අඩුවෙන්. ඉතින් මේකෙන් කමෙන්ට්ස් නොකලට තරහ වෙන්න එපා යාලුවනේ අපි පුලුවන් වෙලාවට අවෙත් හැම එකක්ම කියවනවා. කමෙන්ට්ස් දාන්නෙනම් ගොඩක් දුරට බ්ලොග් ගඩොල් එකෙන් විතරයි.

හොදයි එහෙනම් ඒ කතා ඇති, දැන් කතා කරමුකො අද ෆොටෝ ටික ගැන..

ගිය ඉරිදා දවසම ගෙදර. කම්මැලි කම නිසා කැමරාවත් අරන් එලියට බැස්සෙ වත්ත වටේ ෆොටෝ ‍ටුවර් එකක් දාන්න හිතාගෙන. ඒත් පැයක් යන්නත් කලින් වහින්න පටන් ගත්ත.. මොනා කරන්නද, කාමරේට ඇවිත් පැය ගානක නින්දක් දැම්මා ඉතින් :)
අපි ගෙවන ඒකාකාරී ජීවිතයෙන් මිදිලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕන උනාම යාලුවො එක්ක සෙට් වෙලා යනවනෙ ලස්සණ කැලයක්, දිය ඇල්ලක් එහෙම බලන්න. පරිසරයෙ ලස්සණත් එක්ක දවසක් ගෙවුනම ඇත්තටම හිත කොච්චරනම් සැහැල්ලු වෙනවද.. ඒත් ඇත්තටම ඕකට එහෙම යන්න වෙලාවක්වත්, සල්ලිත් නැත්නම්???

පරිසරයෙ කොච්චර ලස්සණ රටා, හැඩතල තියෙනවද? කීයෙන් කී දෙනාටද ඒවයෙ ලස්සණ විදින්න මතක් වෙන්නෙවත්.. ඒත් පොඩි කාලයක් ඒ වෙනුවෙන් යොදවන්න. පරිසරයට ලං වෙලා බලන්න.. කලින් නොදැකපු සුන්දර දසුන් ඕනතරම් ඔයාලට හමු වේවි.. මම ලං වෙලා බැලුවා. වැඩි වෙලාවක් නෙවෙයි විනාඩි 40යි.
"A Little Closer" කියලා ඔයාලට පෙන්නන්න අරගෙන ආවෙ ඒ මම දැකපු ලස්සණින් කොටසක්.............













පොඩ්ඩ්ක් එලියට ගිහින් බලන්න, මේ වගෙ, මීට වඩා ලස්සණ දේවල් ඕනතරම් හමු වේවි.

පලි: පූසො සෙට් එක කාලෙකට පස්සෙ ආයෙ කතා ලියන්නයි ලෑස්තිය. ඔන්න අද එකක් දැම්ම. ඒකත් බලලම යන්න.. > හයවෙනි ඉන්ද්‍රිය

2 comments:

  1. ඇත්තටම සොභාවධර්මයෙ ලස්සණ විදින්නත් පින් කරල තියෙන්න ඔනෙ මමනම් හිතන්නෙ. බොහොම ස්තුති මෙව අපිත් එක්ක බෙදාගන්නවට.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහොම ස්තූතියි සහෝ කමෙන්ට්ස් වලට..

      Delete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.