Sunday, December 9, 2012

0

ශ්‍රී ලංකාවේ සමනල්ලු 4 - [නිම්ෆාලිඩේ කුලය]

Posted in , ,
කලින් ලිපි කියෙව්වෙ නැති අය ඉස්සෙල්ලම ගිහින් කියවලා ඉන්නකෝ..

ශ්‍රී ලංකාවේ සමනල්ලු 2

ශ්‍රී ලංකාවේ සමනල්ලු 3 - [පැපිලියෝනිඬේ කුලය]

අද අපි කතා කරන්නෙ නිම්ෆාලිඩේ කුලය ගැනයි. මේ කුලයේ අයව බුරුසු පාද සමනල්ලු කියල හදුන්වනවා..
*
ලෝකය පුරා මෙමෙ කුලයේ සමණල්ලු 6000ක ප්‍රමානයක් සිටින අතර ලංකාවෙන් වාර්තා වෙලා තියෙන්නෙ වර්ග 73යි. ඉන් වර්ග 8ක් ලංකාවට ආවේණිකයි. මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා ශරීර හිමි මෙයාලගෙ හැඩය, ශරීර ප්‍රමාණය, හා වර්ණ සංකලනය ගැන සලකලා බලද්දී එකිනෙකට වෙනස් වූ විශාල පරාසයක සමණලුන් සිටින බව අපට දැකගන්නට පුලුවන්.


උදා:-
Common Nawab (Polyura athamas) - වලිග හිමි
Blue Pansy and White Four Ring  - ඇස් වැනි තිත් සහිත



White Four Ring Butterfly

*
මොවුන්ගේ ඉදිරි පාද වල ඇති කෙදි හින්දා තමයි ‘Brushfoots’ නැතහොත් 'බුරුසු පාද' යන නම මෙයාලට ලැබිලා තියෙන්නෙ.

*
නිම්ෆාලිඩේ 
කුලයේ සමහර සමණලුන් සංක්‍රමික සමන්ලුන් වේ.
උදා:- 

Chocolate Soldier - (Junonia iphita pluviatalis)
Painted Lady - (Vanessa cardui)

*
බොහෝදුරට මෙමෙ කුලයේ ගැහැණු හා පිරිමි සතුන් රූපීයව සමාන වුනත් වැනි වර්ග සුලු ප්‍රමාණයකගේ ගැහැණු හා පිරිමි සතුන් පැහැදිලිව වෙන් කර හදුනා ගන්න පුලුවන්ලු.


Blue Tiger Butterfly

*

මෙයාලා පියෑඹීමේදීත් එකිනෙකට වෙනස් වූ ආකාර පෙන්වනවා. සමහරු ඉතා ශක්තිමත්ව වේගයෙන් පියෑඹුවත් තවත් සමහර වර්ග පියාඹන්නෙ ඉතා දුර්වල විදියට, පොළවට ඉතා ආසන්නයෙනුයි.

*
මෙම කුලයෙ සමණලුන් හිරු එළිය ප්‍රිය කරනවාලු. ඒ වගෙම කුණු වූ එළවලු වලටත් ප්‍රියතාවයක් දක්වනව කියලයි ආරංචිය..

(මේ සෑම විස්තරයක්ම මා අන්තර්ජාලය හරහා ඉගෙන ගත් කරුණු බව සලකන්න. ඡායාරූප හැරුණු කොට අනිත් කිසිවක් මට අයත් නොවේ...)

0 comments:

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.