Wednesday, November 7, 2012

8

අහිමි මව් සෙනෙහසට නව අරුත් සොයන්නී...

Posted in , ,
 හැමෝටම කරන්න වෙන වැදගත් වැඩ ඕන තරම් තිබුනා.....
ශ්‍රී මහා බෝධිය වන්දනා කරල ලබන පින ගැනම සිතපු (මමත් ඇතුලු) උපාසක ඇත්තන්ට උන් නගපු හීනි කෙදිරිලි හඩ ඇහෙන්න නැතිව ඇති...
.
.
.
ඇය පොලිස් කාන්තාවක්.. බොධිය ලග මුර කුටියෙ සේවයට වාර්ථා කර සිටි, දරුවෙක් ලැබෙන්න හිටිය අම්ම කෙනෙක්!
ඇයට මේ දැණුනෙ සත්ව කරුණාවද, දරු සෙනෙහසද???

කොහොම හරි උන් ජීවත් වෙන්න ඇතිනෙ..... ඒ ඇති!!


මවක් වන්නට
පිරූ පිරුමන්
සැබෑ වේවි
නුදුරු දිනකදි..

කෙලෙස වාවම්
නුඹ විදින දුක
මවක් නොමැතිව
මේ ලෙසින්...

මේ 2007-03-21වෙනිදා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසලදි මගෙ දුරකථනයේ සටහන් වුනු දසුනක්..

මේකෙ ඡායාරූපමය වටිනාකම ගැන මම වාද කරන්නෙ නැහැ. වාද කරන්න ආපු සොයුරෙකුටත් මම කිව්වෙ මෙච්චරයි.
"මට වටිනවා! මට නැතත්, උඹට නැතත් මුන් හතර දෙනාටනම් සෑහෙන්න වටිනවා.."

8 comments:

  1. පොන් එකෙන් වුණත් අරං තියෙන්නේ ලොකු කතාවක් කියැවෙන පිංතුරයක්නේ. නියමයි
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි හිතන්නෙ, ඉතාම සුලු සිද්දියක්, ඒත් ඒ කතාව ඇහින් දැකපු නිසා හිතට දැනෙනව වැඩියි.

      Delete
  2. පේන දර්ශනෙට වඩා ඇතුලේ ලොකු කතාවක් තියනවා කියලයි හිතෙනේ....හිතට වදින...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාවයි වැදගත්, ඒත් ඒවෙලාවෙ මීට වඩ හොද කෝණයකින් ගන්න තිබුනනම් හොදයි කියල හිතෙනව. ඒත් කරන්න දෙයක් නෑ, එදා එහෙම ගන්න අවස්ථාවක්වත් දැනුමක්වත් තිබුනෙ නැහැ. :)

      Delete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.