Wednesday, November 14, 2012

11

පියාපත් ලැබ...

Posted in ,
ඔය මූණු පොතේ තියෙනවනෙ එක එක ජාතියෙ කණ්ඩායම්...
ෆොටෝ වලට, කුරුල්ලන්ට, සමණලුන්ට... මෙහෙම ඒවා ඕන තරම් තියෙනව ඒත් ප්‍රයෝජනවත් යමක් කෙරෙන්නෙ ඉතාම සීමිත කණ්ඩායම් කිහිපයකින් විතරයි. දැන් මම මේ ඒව ගැන කියන්න යනවා නෙවෙයි, කතාව සමණලයෙක් ගැන. ඒත් ඒ කතාවෙ ආරම්භය ඔය කියන එක කණ්ඩායමක්.. ඇත්තටම ප්‍රයොජනවත් යමක් කෙරෙන තැනක්.. [Butterfly Interest Group of Sri Lanka]


අපි ඉතින් ගන්න ෆොටෝස් ඔය එක එක කණ්ඩායම් බිත්ති වල දානවනෙ. මෙහෙම ඡායාරූපයට නගපු සමණල්ලු කීපදෙනෙකුගෙ ෆොටෝ වගයක් මම ඒවට අදාල කණ්ඩායම් බිත්තියක ඇලෙව්ව. මම ඉතින් ඕය අහුවෙන අහුවෙන සමණලයගෙ ෆොටෝස් ගත්තට ඒයාලගෙ නම, ගම, පරම්පරාව ගැන මුකුත්ම දැනගෙන හිටියෙ නෑ. ඒ කණ්ඩායමේ හිටි අයගෙ කමෙන්ට්ස් වලින් තමා ඒ විස්තර ඉගෙනගන්න පුරුදු වුනේ..

ඉතින් කොහොම කොහොම හරි ඔහොම ෆොටෝස් දාද්දි මට අදුරගන්න ලැබුනා සමනල් පිස්සො කීපදෙනෙක්ම. මෙයාල ගොඩ දෙනෙක් සමණල්ලු ඇති කරනවා.(බෝ කරනවා). ඔයාලත් පොඩි කාලෙ කතුරුමුරුංගා අතු බෝතල් වල දාගෙන කහපාට සමණල්ලු හදල ඇතිනෙ. මෙයාල එහෙම නෙවේ ඒ වගෙ ගොඩක් සමණල්ලුන්ව හදනවා.

මෙතන හිටිය එක සමණල් පිස්සියෙක් එක්ක මම ගොඩක් ‍ෆිට් වුනාලු ඉතින්. ඔන්න ෆෝන් නම්බර්ස් එහෙම මාරු කරගෙන කතා කරද්දි දවසක මෙයා මටත් කිව්ව ඔයත් සමණලයෙක් හදන්න කියලා. එහම කියල උන්ගෙ විස්තරත් කියාගෙන කියාගෙන ගියා. ඒත් ඉතින් ෆෝන් එක තියල විනාඩියක් යද්දි මට ඒ විස්තර ඔක්කොම මතකත් නැහැලු :) හැබයි සමණලයෙක් හදන්න ඕන කියන එකනම් මං කොල්ලගෙ ඔලුවට වැදුනලු..

කොල්ලත් ඉතින් පහුවදා උදේ ඉදලා වත්ත වටේ ගස් වල දළඹුවො හොයන්න පටන් ගත්ත. ඒ දවස් වල ට්‍රේනිං ඉවර වෙලා ගෙදර හිටිය නිසා ඕන තරම් වෙලාවත් තිබ්බ ඔය වැඩ වලට. දවසක් දෙකක් ඔහොම හොයද්දි ඔන්න මට මෙන්න මෙයාලව හම්බවුනා..

මාත් ඉතින් මෙයාල කීපදෙනෙක්ව අරන් ඇවිත් බෝතලේකට දාල කාමරෙන්ම තියාගත්තලු.. :) හැබැයි දවස් දෙකෙන් දෙකට විතර ගිහින් අර ගහේ හිටිය අයවත් බලල එන්න අමතක කලේ නෑ..


මේ තියෙන්නෙ එහෙම බලන්න ගිය දවස් වල ගත්තු ෆොටෝස් කිහිපයක්..





දැක්කනෙ, පළවෙනි දවසෙ සිල් අරන් වගේ හිටිය කස්ටිය දැන් පිස්සු බල්ලො වගෙ එහෙ මෙහෙ යනවා. එක්කෙනෙක් ආතල් එකේ ඔංචිලි පදිනවා..
ඔය විදියට අපේ ගෙදර හිටපු කස්ටියත් බෝතලේ පුරා ඇවිදිනවා..

කොහොම කොහොම හරි එයාලා සති කීපයක්ම බොතලේ ඇතුලෙ හිටියා. පස්සෙ වේලිච්ච කොල වල කෝෂ හදාගෙන ඒව ඇතුලට වෙලත් කාලයක් හිටියා. ඔහොම ගිහින් එක දවසක බලද්දි බෝතලේ ඇතුලෙ ඉන්නව මෙන්න අලුත් යාලුවෙක්.

කොල්ලට දැන් මාර හැපී. බෝතලේ උස්සන් ගිහින් මිදුලෙන් තියල, කැමරාවත් එක අතකින් අරගෙන, අනිත් අතින් හෙමිහිට මෙයාව එලියට ගත්ත ෆොටෝ දෙක තුනක් ගන්න කියල හිතාගෙන. ඒත් කොහෙ ගන්නද, එලියට ගත්ත ගමන් එයා ගියානෙ. ඒත් අමාරුවෙන් පස්සෙන් පන්නල ගහක වහන වෙලාවක් බලල මම ෆොටෝස් දෙකක් ගත්ත..


ඒත් ඒ වෙනකල් මම මෙයා ගැන කිසි විස්තරයක් දැනගෙන තිබුනෙ නැහැ. කලින් අර කිව්ව සමණල් පිස්සිගෙනුයි තවත් කීප දෙනෙකුගෙනුයි අහල තමා මම විස්තර දැනගත්තෙ.
මේව තමයි මම ඒ දැනගත්තු විස්තර...

*මෙයා සමණලයෙක් නෙවෙයි සළඹයෙක්.
*Cyclosia panthona තමයි මෙයාගෙ නම.
*අයිති වෙන්නෙ කියන Zygaenidae කියන පවුලට.
*කැබෙල්ල ශාකය තමයි මෙයාගෙ පෝෂණ ශාකය වෙන්නෙ.
*මෙයාලව මුලින්ම හොයාගෙන තියෙන්නෙ චීනයෙන්ලු..

***
මමනම් දන්නෙ මෙච්චරයි. තව විස්තර දන්න අය ඉන්නවනම් මාත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා...

11 comments:

  1. අනේ මලේ මාත් මේ සබ්ජෙක්ට් එකට මාර ආසයි. මං විතරක් නොවෙයි මලේ මගේ දුවල දෙන්නමත් ආසයි. අපි ගමක ඉන්න මිනිස්සු සම්පත් ඕන තරම් තියනවා. මට මේ සමනල්ලුන් හදන ක්‍රමය කියාදෙන්න. අපේ ලොකු දුව මේ වැඩේ කරන්න ගත්තා මම විරුද්ධ වුණේ මේ සත්තු මැරෙයි කියන සිතුවිල්ල නිසයි.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. මැරෙන්න පුලුවන් තමයි ඒත් පරිස්සමින් කලොත් අවුලක් නැහැ අයියෙ. මේක ඉස්කෝලෙත් පොඩි පන්ති වලදි කෙරෙව්වා මතකයි.

      ඉස්සෙල්ලම අපි ගස් වල සමණල්ලු බිත්තර දාපු තැනක් හොයාගන්න ඕනෙ. එක එක සමණල්ලුන්ට විශේෂ වුනු පෝෂණ ශාක තියෙනවා. එහෙම කලින් දැනගෙනම ගිහින් හෙව්වනම් වැඩේ තමත් ලේසියි.

      ඊළගට බිත්තර දාපු තැනක් හම්බුනාම ඒ අත්ත කඩාගෙන ඇවිත් වීදුරු බෝතලේක දාන්න. ටොයිලට් පේපර් වගේ දේකින් කට වහලා රබර් පටියක් දාන්න. ඇතුලට වාතය යන්න හිල් තියෙන්න ඕනෙ.

      අයියා fb ඉන්නවනම් මට request එකක් එවන්නකො, මම සමණල්ලු ගැන දන්න අය කීප දෙනෙක්ව අදුන්වල දෙන්නම්. (https://www.facebook.com/shan.foxzeye / https://www.facebook.com/shanfoxphotography )

      කලින් ඉදලම නිරීක්ශනය කරලා, බිත්තර දාපු දවස්, දළඹුවා ඇති වුන දිනය, කෝශය හැදීම වගේ දේවල් වාර්තාවක් විදියට සටහන් කරගත්තොත් වඩා හොදයි.

      Delete
    2. Keep it up friends..

      Delete
  2. නියමයි සහෝ....මගෙත් ආසම ෆීල්ඩ් එකක්.....

    ReplyDelete
  3. Awesome work! Will share with friends..
    Keep it up!

    ReplyDelete
  4. නියම වැඩක්!

    Visit - http://magemixedbag.blogspot.com/

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.