Thursday, September 13, 2012

11

වෙස්ගත්තී

Posted in ,

Common Mormon form romulus , female


වෙස්ගත්තී..

මෙයාව හදුන්වන්නෙ Common Mormon (Papilio polytes romulus) කියලා. අයිති වෙන්නෙ පැපිලියොනිඩේ (Papilionidae) කියන කුලයටයි. (ශ්‍රී ලංකාව තුල මෙම කුලයට අයත් සමනල් විශේෂ 15 ක් වාර්තා වෙලා තියෙන අතර ඉන් විශේෂ 2 ක් අපේ රටට ආවේණිකයි.) මොවුන්ව ලිහිණි පෙද සමනලයින් කියලා හදුන්වනවා..

 පියාපත් විහිදු විට මිලි මීටර් 80 - 110 පමණ විශාල සමනලයෙක් වන මෙයා රටේ ගොඩක් ප්‍රදේශ වලදි සුලභව දැකිය හැකියි. ඒත් කදුකරයෙනම් ටිකක් කලාතුරකින්ලු ඉන්නෙ. කරපිංචා වැනි Rutaceae කුලයේ ශාක තමයි මෙයාගෙ පෝෂණ ශාක වෙන්නෙ.

මේ පිරිමි සතකු හෝ cyrus නම් ආකාරයේ ගැහැණු සතකුද විය හැකියි

ගැහණු සතා (Female form romulus)

මෙයාලගෙ ගැහැනු සතා පහසුවෙන් පිරිමි සතාගෙන් වෙන් කර හදුනාගන්න පුලුවන්. හේතුව තමයි පිරිමි සමණලයාගෙ ශරීරයේ රතු පැහැති ලප නොමැති වීම. පිරිමි සතා කලුයි සුදුයි විතරයි. ඒත් එහෙම ලේසියෙන් පිරිමි සතාව හදුනා ගත්තට ගැණු සතාව හදුනාගන්නනම් එච්චර ලේසි නැහැ.

ගැහැණු සමනලයා ආකාර 3 කින් ඉන්නවා. - එක කොටසක් පිරිමි සමනලයාගේ රුපය වගේම වෙනවා. තවත් කොටසක් අරුණු සෙවිවන්දියාගේ(Crimson Rose)   ආකාරය වන අතර , අනෙකා සෙවිවන්දියාගේ(Common Rose) ආකාරය වෙනවා.

1) Female form cyrus -  පිරිමි සමනලයාගේ  රූපය ආකාරය
2) Female, Form Romulus -  සෙවිවන්දියාගේ(Common Rose) ආකාරය
3) Female form stichius -  අරුණු සෙවිවන්දියාගේ(Crimson Rose) ආකාරය



තවත් සරලව විස්තර කරනවානම් .....,

පිරිමි සතා කලුයි සුදුයි.
ගැහැණු සතාගේ ආකාර 3යි.


1)Female form cyrus කියන ආකාරය පිරිමි සමනලයා වගේමයි. දෙන්නම කලුයි සුදුයි නිසා වෙන් කර හදුනා ගැනීම අපහසුයි.

2) Female, Form Romulus කියන ආකාරය සෙවිවන්දියා (Common Rose) වගේමයි. වෙනස ඇත්තේ ශරීරයේයි (සෙව්වන්දියාගෙ හිස, උරස හා උදරයේ රතු පැහැය දැකිය හැකි නමුත් Female, Form Romulus ගේ ශරීරය කලු පැහැතියි.)

3) Female form stichius කියන ආකාරය අරුණු සෙවිවන්දියා(Crimson Rose) වගෙයි, එයාල අතරත් වෙනස හිස, උරස හා උදරය කියන කොටස් වලින් හදුනා ගන්න පුලුවන්.


ගැහැණු සතා මේ වගේ ආකාර තුනකින් ඉන්න නිසා වෙන්න ඇති මෙයාලව වෙස් ගත්තී කියල හදුන්වන්නෙත්..
මේ කියන අරුණු සෙව්වන්දියාත්, සෙව්වන්දියාත්, වෙස්ගත්තීත් මේ හැමෝම අයිති වෙන්නෙ අර කලින් කිව්ව  පැපිලියොනිඩේ (Papilionidae) කියන කුලයටමයි.. මේ හැමෝගෙම ෆොටො විස්තරත් සමගම ඉදිරි කොටස් වලදි ගෙන එන්නට මම බලාපොරොත්තු වෙනවා..

11 comments:

  1. ගානට ගෑණු සතයි පිරිමි සතයි දෙන්නම හම්බවෙලා..... :)
    විශිෂ්ටයි.......... ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ඉෂාර. ඒත් තාමත් මට පැහැදිල නැහැ මේ රූපයේ ඉන්නෙ පිරිමි සතෙක්ද එහෙමත් නැත්නම් ගැහැණු සතාගේ Female form cyrus කියන ආකාරයද කියලා..

      Delete
  2. For me,the only way to differentiate common mormon female from crimson rose and common rose is the color of the head , thorax and abdomen which are black in common mormon. are there any other ways?

    ReplyDelete
    Replies
    1. U are right. But here i didnt talk about differences between Common Mormon, Common Rose & Crimson Rose.

      Differentiate common mormon Romulus & common mormon stichius from common rose and crimson rose is a little complex thing. So i wanted to talk about it in another post.

      What im telling here is its easy to recognize the Male. Common mormon Female is the problem. Females have three forms.
      One form is same as the male(Black & White). Other two forms are like crimson rose(Black, white & red) and common rose(Black, white & red).

      Delete
    2. පිරිම සතා කලුයි සුදුයි.
      ගැහැණු සතාගේ ආකාර 3යි.

      1)Female form cyrus කියන ආකාරය පිරිමි සමනලයා වගේමයි. දෙන්නම කලුයි සුදුයි නිසා වෙන් කර හදුනා ගැනීම අපහසුයි.

      2) Female, Form Romulus කියන ආකාරය සෙවිවන්දියා (Common Rose) වගේමයි. වෙනස ඇත්තේ ශරීරයේයි (ඔබ කියූ ආකාරයට හිස, උරස හා උදරයේයි.)

      3) Female form stichius කියන ආකාරය අරුණු සෙවිවන්දියා(Crimson Rose) වගෙයි, එයාල අතරත් වෙනස හිස, උරස හා උදරය කියන කොටස් වලින් හදුනා ගන්න පුලුවන්.

      Delete
  3. And i have often seen them hanging around plants belong to the citrus family and pomegranate plants as well.

    ReplyDelete
    Replies
    1. Rutaceae & citrus are basically the same family right? I thought Citrus is a genus of Rutaceae family.

      If Rutaceae & Citrus are two different families then my words should be corrected like this.
      "Citrus trees are the primary host plant for Common Mormon but they will also feed on a variety of species in the family Rutaceae."

      Delete
    2. Hey come on. my knowledge regarding that subject is extremely poor. you must be correct.
      :)

      Delete
    3. No actually i also dont know about these things very much. :)
      ගූගල් දෙයියන්ගෙ පිහිට තමයි වැඩි හරියක් :)

      Delete
  4. කවුද පින්තූර ගත්තේ ?

    ReplyDelete
    Replies
    1. පිංතූර ඔක්කොම මම ගත්තු ඒවා සහෝ!

      Delete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.