Sunday, September 9, 2012

9

මල් පිළිහුඩුවා 2

Posted in , ,
මේකෙ කලින් ලිපිය බැලුවෙ නැත් අය මෙතනින්  ගිහින් ඒකත් බලලම එන්න..


ඊයෙ ගත්තු මෙයාගෙ ෆොටෝ එක එෆ්බී දැම්මම යාලුවන්ගෙන් මෙයාල ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබුනා. මෙයාලා නිතරම එකම හරියක ගැවසෙනවලු. ඊයෙ හිටපු තැනම අදත් ඇති කියල කිව්ව නිසා මං උදෙන්ම කැමරාවත් අරන් වෙල පැත්තට ගියා.
අපේ පැත්තෙ මිනිස්සු හිතනවා ඇති මට පික්සු කියලත් :ඩී :ඩී... (මට මොකද ඔන්න ඔහෙ හිතපුදෙන්....බොරුත් නෙවෙයිනෙ..)

කොහොමහරි ගිහින් බැලින්නම් මෙන්න කිව්ව වගේම අදත් ඉන්නවා.. වතුර දිහා බලගෙන ඔලුව හරව හරව..
මාත් ඉතින් හිත පිරෙනකල් ෆොටෝ කෑලි ටිකක් ගහගත්තලු..



 පේන විදියට යාලුවා තාම තනිකඩයි වගේ. ආතල් එකෙ ඉන්නවා ඔන්චිලි පැද පැද.. :)
ෆොටෝ ගන්න දීල මට කරපු උදව්වෙ පිනෙන් ඉක්මණට ලස්සණ ගැණු ලමයෙක් හම්බෙන්න කියල පොඩි ප්‍රාර්ථනාවකුත් කරලම මාත් ගෙදර ආවා..


9 comments:

  1. පින්තුර දෙකම ලස්සනයි
    පලවෙනි පින්තුරේ මාරම ලස්සනයි..:)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් හිරු! දෙවනි එක ගත්තෙ ගොඩක් දුර ඉදලා උපරිම සූම් කරලා. මගෙ කැම් එකෙ උපරිම සූම් කලාම ෆොටෝස් පොඩ්ඩක් අවුල් වෙනවා.
      පළවෙනි එක ගත්තෙ අර කලින් පෝස්ට් එකේ කිව්ව විදියට හැංගිලා ඉදලා. එක නිසා එයා ලගටම ආවම ගන්න පුලුවන් වුනා..

      Delete
  2. හරි ලස්සනයි නිලුෂ.
    කැමරාව සහ ලෙන්ස් එක මොකද්ද කිවුව නම් මම කැමතියි

    //අපේ පැත්තෙ මිනිස්සු හිතනවා ඇති මට පික්සු කියලත්//

    ඒ ප්‍රශ්නෙ මටත් තියනව. ඔයා නම් එහෙම හිතුවට කමක් නෑ කියලා යනවනෙ. මම නම්ලැජ්ජාවට නොගිහින් ඉන්නව. අපේ පැත්තෙ මිනිස්සු "මේ කෙල්ලට පිස්සුද කියල හිතයි කියල

    ReplyDelete
    Replies
    1. තෑන්කූ වේවා. කැමරාව නිකෝන් ඩිජියක් (L100 compact එකක්) අමතර ලෙන්ස් මොකුත් හයි කරන්න බැහැ. ඒ නිසා වයිල්ඩ් ලයිෆ් ෆොටෝස් ගන්නකොට සූමිං ප්‍රශ්නෙ හරියට එනවා.
      සිදු මොකක්ද යුස් කරන කැම් එක?

      Delete
    2. ඔයාගෙ බ්ලොග් එක දැක්කා..
      දැන් කැමරාවක් තියෙනවනම් ඔයාගෙම ෆොටෝස් දාන්න පටන් ගන්න. සතෙක්ගෙ, කුරුල්ලෙක්ගෙ ෆොටෝස් දාද්දි පොඩි විස්තරයක් එක්කම දාන්න. ඕනෙනම් වෙනම බ්ලොග් එකක හරි.

      කමෙන්ට්ස් සමහරවිට ටිකක් අඩු වේවි. ඒත් ඒකෙන් ලබන සතුට.....ඒ හොදටම ඇති!

      Delete
    3. canon 1100D
      කැම් එක නම් හොඳයි. ඒත් ලොකු ලෙන්ස් එකක් නෑ මට. ඒකෙ ඩිෆෝල්ට් එක තියෙන්නෙ.
      18-55mm
      තව ටිකක් ලොකු වෙලා සල්ලි හම්බුණාම හොඳ ලෙන්ස් එකක් ගන්නවා.;-)

      Delete
    4. ඒ හොදටම ඇති දැනට! මගෙ එකේ තියෙන්නෙ 5.0-75mm . ඒ නිසා close-upගන්න පුලුවන් හොදට. ඒත් දැන් ටිකක් සූමිං අවුල්.

      18-55mm එකෙන් සමණලුන්ගෙ ගන්න පුලුවන් ලස්සනට... ජොබ් එකක් අරන් හොද ලෙන්ස් එකකට ඉක්මනට යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :)

      Delete
  3. compact camerawakin oya me karana hariya hodatama athi. apooru pics tika!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සරලා අක්කේ!!

      Delete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.