Friday, August 10, 2012

2

මගෙ නම ෆාරෝ

Posted in ,

යාලුවෙකුගෙ ගෙදර ගියා වෙලාවෙ ඩැල්මේෂන් නංගි කෙනෙක් හම්බවුනා. සෑහෙන බයෙන් ෆොටෝ එක ගන්නත් ලං වුනේ. :) ලෝකෙ නපුරුම බල්ලො අතරින් දහවන ස්ථානය ලැබිලා තියෙන්නෙ මෙයාලට තමයි.

ෆාරෝගෙ කටත් හරිම සැරයි.. පුදුම වෙන්න දේකුත් නැහැ, මෙයත් ගෑනුලමයෙක්නෙ.. :D

ඩැල්මෙෂන්ලා සැලකෙන්නෙ ඉතාමත් ක්‍රියාශීලී, ඒ වගෙම ස්වාමියාට කීකරු විශ්වාසදායක මිතුරෙක් හැටියටයි. අනිත් සතුන් සමගද මිත්‍රශීලී මේ සුනඛ වර්ගය නිතර ඇවිදීමට, ක්‍රීඩා කිරීමට මහත් ප්‍රියතාවයක් දක්වනවා. හොද මතක ශක්තියක් ඇති මෙයාල නිතර මිනිසුන් සමග ගැවසෙන්නටත් කැමතියි.
ඒ කොතරම් මිත්‍රශීලී වුවත් ස්වාමියා තමන්ට හොදින් කතා නොකරන, නොසලකන බව දැණුනොත් මෙයාලට ඉක්මනින්ම තරහත් යනවලු. ඩැල්මෙෂන් කෙනෙක් හදාගන්න බලපොරොත්තු වෙන කෙනෙක්ට දෙන ප්‍රධාන අවවාදයක් තමයි මෙයාල වෙනුවෙන් තමන්ට යම් කාලයක් හා ශ්‍රමයක් වැය කල හැකිනම් පමණක් ඩැල්මේෂන් කෙනෙකුව ‍තෝරගන්න කියන එක..

මෙයාලා ගැන වැඩි විස්තර කියවන්න කැමති අය මෙතනට යන්න > DALMATIANS

"ඔබ ඩැල්මෙෂන් කෙනෙකු ඇති කරන්නට බලපොරොත්තු වෙන්නේනම් ඔබට ඔහු වෙනුවෙන් වැය කිරීමට කාලයත්, ශ්‍රමයත් තිබිය යුතුයි. එමෙන්ම හොදින් සුරතලාව පාලනය කිරීමේ හැකියාවක් තිබීමද වැදගත්. ඔබට එය ලබාදිය නොහැකිනම් මෙ සුරතලා පාලනය කල නොහැකි, මුරණ්ඩු එමෙන්ම විනාශකරී සත්වයකු බවට පත් වේවි."
-අන්තර්ජාලය ඇසුරිනි-

2 comments:

  1. ආදරෙන් බලාගත්තොත් නපුරු වෙන්නෙ නැති වෙයි. :)
    මමත් හරිම ආසයි බල්ලොන්ට.

    ReplyDelete
    Replies
    1. මමත්.

      ආදරෙත්, ව්‍යායාමයත් නිතරම ඕනෙ. ඒ වගෙම එයාව ගානට කන්ට්‍රෝල් කරන්නත් ඕනෙලු..

      Delete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.