Wednesday, December 5, 2012

7

ශ්‍රී ලංකාවේ සමනල්ලු 2

Posted in , ,

මීට කලින් ලංකාවේ සමණල්ලු 1 ගැන කතා කලාට වැඩි විස්තරයක් දෙන්න බැරි වුනා. අද ඊට ටිකක් එහාට ගිහින් ලංකාවේ පැරණි හා නව සමණල් නාමාවලි හැදින්වීමටත් ඒවාට අයත් සමණලුන් හදුන්වාදීමටත් බලාපොරොත්තු වෙනවා..

ශ්‍රී ලංකාවේ සමණලයින් වර්ගීකරණයේදී ඔවුන්ගේ හැසිරීම් හා චර්යා රටා, භාහිර පෙනුම, වාසස්ථාන, ව්‍යුහ විද්‍යාව, ආදී විවිධ සාධක ගැන සැලකිලිමත් වෙලා තියෙනවා. ඒ අනුව පැරණි වර්ගීකරණයට අනුව කුල 11කට බෙදා තිබූ සමණලයින්, නව වර්ගීකරණයට අනුව කුල 6කට සීමා කර තිබෙනවා..

පැරණි වර්ගීකරණය : කුල 11

Acraeidae - ඇක‍්‍රරිඬේ
Riodinidae - රියෝඩිනිඬේ
Amathusiidae - ඇමතුසිඬේ
Libytheidae - ලිබයිතිඬේ
Danaidae - ඩැනයිඬේ
Papilionidae - පැපිලියෝනිඬේ
Satyridae - සැටරිඬේ
Pieridae - පියරිඬේ
Nymphalidae - නිම්ෆාලිඬේ
Hesperiidae - හෙස්පෙරිඬේ
Lycaenidae - ලයිසැනිඬේ

නව වර්ගීකරණය : කුල 6

Hesperiidae - හෙස්පෙරිඬේ - පැනුම් සමනලයින්
Papilionidae - පැපිලියෝනිඬේ - ලිහිණි පෙද සමනලයින්
Pieridae - පියරිඬේ - සුදු සහ කහ සමනලයින්
Nymphalidae - නිම්ෆාලිඬේ - බුරුසු පාද සමනලයින්
Lycaenidae - ලයිසැනිඬේ - නිල් සමනලයින්
Riodinidae - රියොඩිනිඩේ - ලෝහමය සලකුනු ඇති සමනලයින්


මේ කුල වලට අයත් සමණලුන් 250ක පමණ ප්‍රමාණයක නම් හා විස්තර සහිත ලිපි පෙලක් ඔබ වෙත ගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා.
මේ තියෙන්නෙ මීට කලින් එසේ පල කල ලිපි කිහිපයකුයි..

*පිළිලරිසියා

*වෙස්ගත්තී

*Blue Tiger Butterfly

මේ තියෙන්නෙ මීට කලින් මම ලංකාවේ සමණල්ලු ගැන ඉදිරිපත් කල කෙටි විස්තර සහිත ලිපිය..
**අපේ සමනල්ලු

ඉතින් ඊලග ලිපියේ ඉදන් සමණල් කුල ගැන වෙන වෙනම කතා කරන තුරු සමණලුන් ගැන මේ විස්තර ටිකත් කියවලා බලන්න. සමණලුන් ‍රැක ගැනීම සදහා එක් පියවරක් ඉදිරියට තියන්නට බැරිනම් සමණලුන් විනාශ කිරීමට තියන එක පියවරක් ආපස්සට ගැනීමටවත් ඔබට මේ විස්තර උපකාරී වේවි..
(මේ සෑම විස්තරයක්ම මා අන්තර්ජාලය හරහා ඉගෙන ගත් කරුණු බව සලකන්න. ඡායාරූප හැරුණු කොට අනිත් කිසිවක් මට අයත් නොවේ...)

ඇසට ප්‍රිය උපදවන දසුනක් ලෙස පරිසරය සුන්දර කිරීමට අමතරව කෘෂි කර්මාන්තය සදහා අත්‍යවශ්‍ය පරාගන ක‍්‍රියාවලියට සමනලයින් ඍජුවම දායක වේ. ඒසේම සමණලුන් ඉතාම සංවේදී සත්ව කොටසකි. ඔවුනට පරිසර තත්වයන්ගේ සුලු වෙනස්කම් පවා හොදින් හදුනාගත හැකිය. මෙම සුලු වෙනස් කම් පවා මේ සංවේදී සතුන්ට ඉතාම හානිකර අයුරින් බලපාන අතර එම හේතුවෙන් ඔවුන් වදවී යාමේ තර්ජනයටද ලක් වී ඇත.

වනාන්තර එළි පෙහෙලි කිරීම, බිම් කැබලි බවට පත් කිරීම, පලිබෝධ නාශක බහුල ලෙස භාවිතය, විදේශීය ශාක වර්ග මෙරට අසීමිත ලෙස ව්‍යාප්ත වීම, ආක‍්‍රමණික ශාක වර්ග අසීමිතව ව්‍යාප්ත වීම, සිඝ‍්‍රව නාගරීකරණය සිදු වීම, කර්මාන්ත, මෝටර්, රථ ආදියෙන් වන වායු දුෂණය ආදී කරුණු ඍජුවම හෝ වක‍්‍රාකාරයෙන් සමනල ජීවිත වලට තර්ජනය වී ඇත.

සංරක්ෂණය හා ආරක්ෂණ පියවර -

ශී‍්‍ර ලංකාවේ විවිධ මට්ටම් අනුව හැකි පමණින්, අනෙකුත් සත්ත්ව විශේෂ මෙන්ම, සමනල විශේෂද සංරක්ෂණය කිරීමට උත්සාහ ගන්නා පිරිස් සිටින අතර ඒ සදහා විවිධ උපක‍්‍රම හා නීති පනත් පවා යොදා ගෙන ඇත. පරිසර හිතකාමින් හා සමනල රුචිකයින් පෝෂක ශාක වගා කිරීම, සමනල උයන් ඇති කිරීම, වන විනාශය අවම කිරීම ආදි ක‍්‍රියාවන් ක‍්‍රියාත්මක කිරීම හා කරවීම සදහා වෙහෙසමින් සිටින අතර බහුතරයක් ජනතාව හරහා සිදුවනුයේ සංරක්ෂණයට පටහැනි ක‍්‍රියාවන් වේ.

සමනල ප‍්‍රජාවට අදාල නීතිමය පියවර ලෙස 1993 අංක 49 දරණ, වන සත්ත්ව හා තුරුලතා ආරක්ෂණ පනත යටතේ සියලූම සමනල විශේෂ නීතියෙන් ආරක්ෂාකර ඇත. සමනලයින්ගේ පෝෂක ශාක හා ඒවා සහිත වනාන්තරද, වනාන්තර හා තුරුලතා ආරක්ෂක පනත යටතේ ආරක්ෂා කර ඇත.

ඒ අනුව සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා අදාල උසස් නිලතලයකින් පැහැදිලි අවසරයකින් තොරව, සමනලයකු හෝ කීප දෙනෙකු අල්ලා ලග තබාගැනීම, මරණයට පත්කිරීම, බිත්තර හෝ කීටයින් විනාශ කිරීම, කෝෂ එකතු කිරීම, සමනලයින්ගේ කොටස් අපනයනය කිරීම, විකිණීම ආදිය සම්පූර්ණයෙන්ම තහනම් වේ. එසේම සමනලයින්ගේ පෝෂක ශාක නිකරුනේ විනාශ කර දැමීමද සම්පුර්ණයෙන් තහනම් වේ.

මෙවන් ක‍්‍රියාවකින් වරදකරුවෙකු වුවහොත් සහ වරද සනාථ වුවහොත් නීතිමය පියවර ලෙස අවමය මුදලින් රු 15000 -25000 ක දඩමුදලක් හෝ වසර දෙකක් හෝ පහක කාලසීමාවක සිට දඩුවමක් හිමිවේ. සමනලයකු හෝ කොටසක් අනවසරයෙන් අපනයනය කිරීමකදී නීතිමය පියවර ලෙස රු 25000 සිට 75000ක අවම දඩ මුදලකට හෝ වසර 05 ත් 10 ත් අතර සිර දඩුවම් කාලයකට නතු වීමට වරදකරුට සිදුවේ.



 

 












ඊළග ලිපියේ සිට සමණල් කුල ගැන පිලිවෙලින් කතා කරමු..



Sources-
http://www.slbutterflies.lk/index.php
http://www.visitslpc.com/wildlife/butterflies-collection.html
http://en.wikipedia.org/wiki/Butterflies_of_Sri_Lanka
http://www.butterfliesofsrilanka.com http://www.srilankaninsects.net/

7 comments:

  1. Replies
    1. ඒ වගෙම මේ පැත්තෙත් ඇවිත් යන්න.
      http://magemixedbag.blogspot.com/ යාලු අපේ බ්ලොග් වල කමෙන්ට් කරන්නෙම නෑනෙ :(

      Delete
    2. ස්තූතියි! ඒ වගෙම සමාවෙන්න යාලු. හේතුව මේකයි. මේක මගෙ විනෝදාංශය නිසා කරන බ්ලොග් එකක්. අපි යාලුවො තුන් දෙනෙක් එකතු වෙලා බ්ලොග් එකක් කරනවා බ්ලොග් ගඩොල් කියලා. තනි තනිව මොනවා කලත් අපි මූලිකත්වය දෙන්නෙ ඒකටයි.
      අපි තුන් දෙනාම පහු ගිය කාලෙ ගොඩක් කාර්යබහුල වෙලා ඉදලා දැන් ඒකෙ අලුතින් කතා කිහිපයක්ම ලියාගෙන යනවා. ඉතින් අපි කමෙන්ට් කරන්නෙත් ඒකෙන්මයි.
      ඒ පැත්තෙ ඇවිත් බලන්න.
      http://bloggadol.blogspot.com/

      Delete
    3. kiyawala balannam machan. comment kathawa kiwwe tharahin newei, job asse mewaye kale kaka lipi liyana ekamath athi :)

      Delete
  2. පුදුම ආසාවක් ඇතිවෙනවා මේ සේයා රූ ටික දකින කොට. ඇත්තටම මලයා සමනල්ලු ඇති කරන්න බැරිද

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ හිත නිවන ලස්සණක් මෙයාලගෙ තියෙන්නෙ.
      විශේෂ අවසරයකින් තොරව බැහැ ඇති කරන්න.
      ඒත් අර අපි කලින් ලිපියක කතා කරපු වැඩේනම් කලාට අවුලක් නැහැ :)

      Delete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.