Thursday, December 6, 2012

5

ශ්‍රී ලංකාවේ සමනල්ලු 3 - [පැපිලියෝනිඬේ කුලය]

Posted in ,
කලින් ලිපි වල පැවසූ සමනල් කුල 6 ගැන එකින් එක විස්තර කරමින් ඒ ඒ කුල වලට අයත් සමණලුන් හදුනා ගැනීමට අද සිට ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වෙනවා..

කලින් ලිපිය කියෙව්වෙ නැති අය ඉස්සෙල්ලම ගිහින් ඒක කියවලා ඉන්නකෝ..

ශ්‍රී ලංකාවේ සමනල්ලු 2
.
.
.
.
අපි මුලින්ම කතා කරන්නෙ  පැපිලියෝනිඬේ කුලය ගැනයි. ශ්‍රී ලංකාවේ සිටින 250ක් පමණ වූ සමනලුන් අතරින් මේ කුලයට අයත් වෙන්නේ 15ක් පමණයි.





පැපිලියෝනිඬේ  කුලය - ලිහිණි පෙද සමනලයින්

[Papilionidae]

මෙම කුලයට අයත් සමනලයින් සාපේක්ෂව මධ්‍යම හා විශාල ප්‍රමාණයේ ශරීර දරයි. මොවුන්ට "ලිහිණි පෙද" යන නම ලැබී ඇත්තේ බොහෝ සමනළයින්ගේ පියාපත් අග වලිගයක් වැනි කොටසක් පිහිටීම හේතුවෙනි. ශ්‍රී ලංකාව තුල මෙම කුලයට අයත් සමනල් විශේෂ 15 ක් වාර්තා වන අතර ඉන් විශේෂ 2 ක් මෙරටට ආවේණික වේ. ශ්‍රී ලංකාවේ විශාලතම සමනලයා වන සියෝත්පියා (Ceylon Birdwing) සමනලයා අයත් වන්නේද මෙම කුලයටයි.


Largest butterflies are belongs to this family. Commonly known as Swallow-tails. Unlike other butterflies, Swallowtails move their wings continuously while taking nectar. There are 15 species found in Sri Lanka and two of them are endemic to the island.

ඔන්න එහෙනම් මේ කුලයට අයිති කට්ටියගෙ නම් කියන්නයි හදන්නෙ. බලන්න දන්න කියන අය ඉන්නවද කියලා...

1 Chilasa clytia - Mime - විලාසිනී 

2 Graphium agamemnon - Tailed Jay - තුඩඟප්‍රලාපනී


3 Graphium doson - Common Jay - ප්‍රලාපනී


4 Graphium sarpedon - Bluebottle - නීලබෝමී


5 Pachliopta aristolochiae - Common Rose - සෙව්වන්දියා


6 Pachliopta hector - Crimson Rose - අරුණුසෙව්වන්දියා


7 Pachliopta jophon - Ceylon Rose - හෙළසෙව්වන්දියා


8 Papilio crino - Banded Peacock - මයුරුබඳා


9 Papilio demoleus - Lime Butterfly - දෙහිරිසියා


10 Papilio helenus - Red Helen - දියසැරියා


11 Papilio polymnestor - Blue Mormon - නීලපාරින්දයා


12 Papilio polytes - Common Mormon - වෙස්ගත්තී


13 Pathysa antiphates - Five bar Swordtail - පස්බරුපියාසියා


14 Pathysa nomius - Spot Swordtail - තිත්පියාසියා


15 Troides darsius - Sri Lanka Birdwing - සියොත්පියා


මේ එක එක්කෙනාගෙ ෆොටෝස් අරගෙන එයාල ගැන වෙනම වෙනම ලිපිය බැගින් ලියන්න බලාපොරොත්තු වෙනව. ඊට කලින් මේ කුල 6 හා ඒවාට අයත් කට්ටියව හදුනාගෙන ඉමු.

මේ පැපිලියෝනිඬේ කුලයට අයත්
Common Mormon (වෙස්ගත්තී) ගැන මම කලින් ලිපියක් ලිව්ව. උඩ 12 වෙනියට ඉන්නෙ එයා තමා. ලින්ක් කරල ඇත්තෙ ඒකත් ගිහින් බලන්න..
ඊලග ලිපියෙන් අපි තවත් සමණල් කුලයක් ගැන කතා කරමු.......


(මේ සෑම විස්තරයක්ම මා අන්තර්ජාලය හරහා ඉගෙන ගත් කරුණු බව සලකන්න. ඡායාරූප හැරුණු කොට අනිත් කිසිවක් මට අයත් නොවේ...)

5 comments:

  1. බොහොම ස්තූතියි මේ විස්තර බෙදා හදා ගන්නවට. වැඩිය කමෙන්ට් නොකලට මම අනිවාර්යෙන් කියවනව අයියගෙ බ්ලොග් එක.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි. දිගටම මේ පැත්තෙ එන්න.

      Delete
  2. හරිම වැදගත් හිතට සුව ගෙනෙන ලිපි පෙළක් මේ සමණළ විස්තර.
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. අය්යෙ මේ කමෙන්ට් වල ලින්ක්ස් දාන්නෙ කොහොමද?

      Delete
    2. ඔව් අයියෙ ගොඩක් සතු‍ටුයි මේ පැත්ත ගැන කිහිපදෙනෙක් හෝ උනන්දු වීම ගැන.. අර සමණල්ලු හදන වැඩේ ට්‍රයි කරලා බැලුවෙ නැද්ද?

      Delete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.