Wednesday, October 3, 2012

21

නානු ඔය දුම්රියපොළ

Posted in , , , ,

මධ්‍යම පළාතේ නුවර එලිය දිස්ත්‍රික්කයේ පිහිටා තියෙන නානුඔය දුම්රිය ස්ථානය, ප්‍රධාන දුම්රිය මාර්ගයේ පිහිටා ඇති 63වන දුම්රිය පොළයි. මුහුදු මට්ටමේ ඉදලා මීටර 1600ක් පමණ ඉහලින් පිහිටා ඇති මෙම දුම්රිය පොළට, කදුරට දුම්රිය ස්ථාන අතුරින් වැදගත් තැනක් හිමිවෙනවා... සංචාරක පාරාදීසයක් වන නුවර එළිය නගරයට ලගින්ම තිබෙන දුම්රිය ස්ථානය මෙය වීමත් එයට එක හේතුවක්...

ෆොටෝ එක ගැන කියනවනම් මේක ගත්තෙ ෆේස්බුක් එකෙන් සෙට් වුන කෝච්චි පිස්සො ටිකක් එක්ක ගිය රේල් හයික් එකකදි.... රෑ කොළඹ කො‍ටුව දුම්රිපොළෙන් පිටත් වුන අපි පහුවෙනිදා පාන්දර 4 විතර වෙද්දි නානු ඔය දුම්රිය පළට ලගාවුනා.
 7 විතර වෙනකල් ස්ටේෂන් එකේම නිදාගෙන, නානු ඔය ටවුමෙන් උදේට කෑවට පස්සෙ ස්ටේෂන් එකේ ඔය ඉදලා ආපහු පහලට කි.මී 20ක් රේල් පාර දිගේ ඇවිදගෙන ආවා.. ගමන ඉවර වෙද්දි හොද පණ ගිහින්... මම හිතන්නෙ අපේ කකුල් අපිටම සුද්ද සිංහලෙන් බණින්නත් ඇති..
ඒත් ඒක නියමම අත්දැකීමක්!

මම කලින් පල කරපු ගෝමර සිටිබිච්චාගෙ රූපයත් ධ්‍රැවීය පැනරෝමාවක් විදියට හදපු මෙ කෝච්චියෙ ෆොටෝ එකත් ඔය කිව්ව රේල් හයික් ගමනෙදි ගත්තු ඒවා තමයිලු...

ඒ විතරක් නෙවෙයි මේ අක්කත් හම්බවුනේ එදා නානුඔය ටවුන් එකෙන් උදේට කලා එද්දි තමයිලු.. :D

21 comments:

  1. පට්ට එඩිට් එකක්. ස්ටේශන් එක මැදටම වගේ සෙට් වීම නිසා පොඩි මෙව්ව එකක් දැනෙනව. පොඩ්ඩක් එහා මෙහා කරල බලහංකො

    ReplyDelete
    Replies
    1. එල එල මම එහෙට මෙහෙට දාල බලන්නම්කෝ! උඹ කියන්නෙ වමෙන් වගේ ඉඩ දුන්නොත් හොදයි කියලද?

      Delete
  2. ලස්සනයි මචන්..මරු!

    ReplyDelete
  3. ගිය වසරෙ අපිත් ගියා ඔය පැත්තට...

    ReplyDelete
    Replies
    1. අපි ගියෙ මේ අවුරුද්දෙ මාර්තු වල...

      Delete
  4. පින්තූරේ නම් මරේ මරු... මාත් යන්න ආසයි කට්ටියත් එක්ක රේල් හයික් එකක්... කව්රුත් එහෙම යෝජනාවක් දැම්මේ නෑ... නැත්නම් මාත් එනවා...

    ReplyDelete
    Replies
    1. අපේ සෙට් එකක් ඉන්නව ෆේස් බුක් එකෙන් සෙට් වෙච්ච. කෝච්චි පිස්සො ටිකක්. අවුරුද්දකට සැරයක් දෙසරයක් මෙහෙම එකක් යනවා.
      මෙන්න ගෲප් එක, ජොයින් වෙයන් මචං..
      https://www.facebook.com/groups/railj/

      Delete
    2. හැබයි මෙයාලා යන්නෙ කොච්චි පාර දිගේ විතරයි.. කෝච්චි පිස්සො ටිකක්නෙ!
      තව ගල්, කදු ගානෙ බඩගාන්න කැමතිනම් මෙන්න මේවටත් ජොයින් වෙන්න..
      ජොයින් වෙලා උඹලා දන්න හොද තැනුත් තියෙනවනම් ගෲප් එකේ ඒ ගැන දාන්න..
      https://www.facebook.com/groups/187393304665989/

      අපි එහෙම කලින් ගිය ගමන් ගැන විස්තර ෆොටෝස් එක්ක මේ බ්ලොග් එකේ තියෙනවා..
      http://www.foxzeye.tk/

      (http://www.foxzeye.tk/2011/07/bathalegala-bible-rock.html)

      Delete
  5. නියම ලිපිය කවුරු හරි ලැස්ති කරනවනම් මමත් එනවා.සමකය වටේ යන ගමන් මේවායෙත් යන්න එපායැ.
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම! ඊලග පාර යමු!

      අපේ සෙට් එකක් ඉන්නව ෆේස් බුක් එකෙන් සෙට් වෙච්ච. කෝච්චි පිස්සො ටිකක්. අවුරුද්දකට සැරයක් දෙසරයක් මෙහෙම එකක් යනවා.
      මෙන්න ගෲප් එක, ජොයින් වෙයන් මචං..
      https://www.facebook.com/groups/railj/

      හැබයි මෙයාලා යන්නෙ කොච්චි පාර දිගේ විතරයි.. කෝච්චි පිස්සො ටිකක්නෙ!
      තව ගල්, කදු ගානෙ බඩගාන්න කැමතිනම් මෙන්න මේවටත් ජොයින් වෙන්න..
      ජොයින් වෙලා උඹලා දන්න හොද තැනුත් තියෙනවනම් ගෲප් එකේ ඒ ගැන දාන්න..
      https://www.facebook.com/groups/187393304665989/

      අපි එහෙම කලින් ගිය ගමන් ගැන විස්තර ෆොටෝස් එක්ක මේ බ්ලොග් එකේ තියෙනවා..
      http://www.foxzeye.tk/

      (http://www.foxzeye.tk/2011/07/bathalegala-bible-rock.html)

      Delete
  6. අර උඩ ටික පේන්නේ චිත්‍රයක් වගෙනේ

    ReplyDelete
    Replies
    1. ඔව් දම්මික ෆොටෝ HDR effect එකට එකක් දාලා, පස්සෙ පාට වල තද ගතිය අඩු කලා... ඒකයි එහෙම පේන්නෙ....

      Delete
  7. අපූරුයි කියා පමණක් කියන්නම්..
    ජය!

    ReplyDelete
  8. 4 ටො එක නම් සිරා

    ReplyDelete
  9. එල එල.. අපිත් ඔය පැත්තේ යනවා සිරිපාදේ යනකොට. මාර ලස්සන පැත්ත.

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තෙන් යන්න මට සෙට් වෙලාම නැහැනේ...

      Delete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.