Thursday, September 13, 2012

7

ශ්‍රී ලංකාවේ සමනල්ලු 1

Posted in , ,
 මේ දවස් වල  මට දරුණු කුරුලු පික්සුවකුයි සමණල පික්සුවකුයි හැදිලනෙ තියෙන්නෙ. කැමරාවෙ තියෙන පහසුකම් වල හැටියට කුරුල්ලොනම් අල්ලගන්න පුලුවන් සීමිත ප්‍රමාණයක් විතරයි. ඒත් සමණල්ලුගෙනම් ෆොටෝ ගොඩක් ගන්න පහුගිය දවස් වල පුලුවන් වුනාලු.. :) අද ඉදලා කෙටි විස්තරයකුත් එක්කම සමණල්ලුන්ගෙම ෆොටෝ ටිකක් දාන්නයි හිතන් ඉන්නෙ..


මේක මම ගන්න ඡායාරූප පල කරන්නට හදපු බ්ලොග් එකක්, මේකෙ දාන්නෙ මම ගන්න ෆොටෝස් විතරයි. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් යම් සමණලයෙකුගෙ විස්තර දැනගෙන හිටියත් ඒයාගෙ මමම ගත්තු ෆොටෝ එකක් නැත්නම් මෙහි එයා ගැන ලිපියක් පලවෙන එකක් නැහැ. මම උත්සාහ කරන්නෙ පුලුවන් ප්‍රමාණයක් සමනලුන්ගේ පින්තූර විස්තරත් එක්කම එකතු කරන්නයි..  ශ්‍රී ලංකාව තුල කුල 6කට අයත් සමනලුන් විශේෂ 250ක් විතර ඉන්නවලු. මම බලාපොරොත්තු වෙනවා පුලුවන් තරම් ප්‍රමාණයක් ගැන විස්තර ඉදිරිපත් කරන්නට.

 මෙන්න ලංකාවෙ ඉන්න සමනල්ලු...

1)
කුලය - පැපිලියොනිඩේ - (ලිහිණි පෙඳ සමනල්ලු) - Papilionidae(මෙම කුලයට අයත් සමනලයින් සාපේක්ෂව මධ්‍යම හා විශාල ප්‍රමාණයේ ශරීර දරයි. මොවුන්ට "ලිහිණි පෙද" යන නම ලැබී ඇත්තේ බොහෝ සමනළයින්ගේ පියාපත් අග වලිගයක් වැනි කොටසක් පිහිටීම හේතුවෙනි. ශ්‍රී ලංකාව තුල මෙම කුලයට අයත් සමනල් විශේෂ 15 ක් වාර්තා වන අතර ඉන් විශේෂ 2 ක් මෙරටට ආවේණික වේ. ශ්‍රී ලංකාවේ විශාලතම සමනලයා වන සියෝත්පියා (Ceylon Birdwing)සමනලයා අයත් වන්නේද මෙම කුලයටයි.)



2)
කුලය - නිම්ෆාලිඩේ - (බුරුසු පාද සමනල්ලු) - Nymphalidae
(මධ්‍යම හා විශාල ප්‍රමාණයේ ශරීර දරන සමනලයින් අයත්වේ. මෙම කුලයට අයත් සමනල් විශේෂ 68 ක් ශ්‍රී ලංකාව තුල හමුවන අතර ඉන් විශේෂ 8 ක් මෙරටට ආවේණික වේ.)



3)
කුලය - ලයිසැනිඩේ - (නිල් හා තඹ සමනල්ලු) - Lycaenidae
(කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ශරීර ඇති සමනලයින් මෙම කුලයට අයත් වේ. ශ්‍රී ලංකාවේ හමුවන කුඩාම සමනලයා වන පලාමිණි - Grass jewel සමනලයා අයත් වන්නේද මෙම කුලයටයි. මෙම කුලයට අයත් සමනල් විශේෂ 84 ක් ශ්‍රී ලංකාවේ හමුවන අතර න් විශේෂ 09 ක් මෙරටට ආවේණික වේ. මෙම කුලයේ බොහෝ සමනල් විශේෂ වල පියාපත් උඩු පැත්තේ නිල පට දැකගත හැකි බැවින් මොවුන් නිල සමනලයින් ලෙස හදුන්වයි.)

 


4)
කුලය - පියරිඩේ - (සුදු හා කහ සමනල්ලු) - Pieridae 
(මෙම කුලයට මධ්‍යම හා විශාල ප්‍රමාණයේ ශරීර දරන කහ සහ සුදු සමනලයින් අයත්වේ. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පර්යටනය කරන (ශ්‍රී පාද වන්දනාවේ යන ලෙස සලකන) සමනල් විශේෂ ( කුදු දිගුපත් සමනලයා - Lesser Albatross, දිගුපත් සමනලයා - Common Albatross, තෘණපීතයා - Common Grass Yellow ...) අයත් වන්නේ මෙම කුලයටයි. ශ්‍රී ලංකාව තුල මෙම කුලයට අයත් සමනල් විශේෂ 28 ක් හමුවන අතර එයින් විශේෂ 2 ක් ආවේණික විශේෂ වේ.)




5)
කුලය - හෙස්පරයිඩේ - (පැනුම් සමනල්ලු) - Hesperiidae 
(මෙම කුලයට අයත් සමනල් විශේෂ බොහොමයක් කුඩා ප්‍රමාණයේ ශරීර දරන අතර මධ්‍යම ප්‍රමාණයේ ශරීර ඇති විශේෂ කිහිපයක්ද හමුවේ. මෙම කුලයේ සමනලුන් තුල "සමනල ලක්ෂණ" මෙන්ම "සලබ ලක්ෂණ" ද දැකිය හැකි අතර, ඒ නිසා එහි අතරමැදි අවස්ථාවක් ලෙස සැලකේ. මොවුන් බොහෝ විට දීර්ග පියසරි නොකරන අතර කෙටි දුර ප්‍රමාණ වල එහා මෙහා ගමන් කරයි. එම නිසා මොවුන් පැනුම් සමනලයන් ලෙස හදුන්වයි. මෙම කුලයට අයත් වන සමනල් විශේෂ 49 ක් මෙරට තුල හමුවන අතර එයින් විශේෂ 2 ක් ආවේණික විශේෂ වේ.
පැනුම් සමනලයින් අනෙක් සමනල් විශේෂ අතරින් පහසුවෙන් වෙන්කර හදුනාගත හැකි ලක්ෂණයක් වන්නේ, ඔවුන්ගේ ස්පර්ශක අග කොක්කක් ආකාරයට නැමී තිබීමෙනි.)



6)
කුලය - රියොඩිනිඩේ - (ලෝහමය සලකුනු ඇති සමනල්ලු) - Riodinidae 
(මෙම විශේෂයට අයත් සමනල් විශේෂ විශාල ප්‍රමාණයක් උතුරු හා දකුණු ඇමරිකා මහද්වීප වල හමුවෙතත්, ශ්‍රී ලංකාවේ හමුවන්නේ එක් විශේෂයක් පමණි. )

Plum Judy -  දං සමනලයා


(මේ සෑම විස්තරයක්ම මා අන්තර්ජාලය හරහා ඉගෙන ගත් කරුණු බව සලකන්න. ඡායාරූප හැරුණු කොට අනිත් කිසිවක් මට අයත් නොවේ...)
source- www.butterfliesofsrilanka.com

7 comments:

  1. ෂා.....මරු......... දිගටම කරගෙන යන්න සහෝ....... මගෙන් උණුසුම් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මලයා, ඉක්මනට බ්ලොගයක් පටන් ගත්තොත් නේද හොද? :)

      Delete
  2. අපූරුයි! ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හිරු!

      Delete
  3. අය්යෙ ඒක දේශික උන් ටිකත් දාන්ඩ පුලුවන්නම්, එල

    ReplyDelete
  4. අය්යෙ ඒක දේශික උන් ටිකත් දාන්ඩ පුලුවන්නම්, එල

    ReplyDelete
  5. අය්යෙ ඒක දේශික උන් ටිකත් දාන්ඩ පුලුවන්නම්, එල

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.