Sunday, August 19, 2012

6

අද ලෝක ඡායාරූප දිනයයි!

Posted in
Today is World Photography Day and my Birthday! See....I was born to be a photographer!

අද ගොඩක් සතු‍ටු දවසක්. අද ලෝක ඡායාරූප දිනයයි! ඒ වගේම අද තමයි මගෙ උපන් දිනයත්! ඉතින් අද ඒ සතුට ඔයාලත් එක්ක බෙදාගන්න ගමන් ලෝක ඡායාරූපකරණයේ ඉතිහාසය ගැනත් තොරතුරු ටිකක් හොයලා බලන්න හිතුනා.

මෝටර් රථ තාක්ෂණය අවුරුදු 137කට පෙරත්, ගුවන් යාන තාක්ෂණය අවුරුදු 110කට පෙරත් ඇති වූ බව පැවසෙනවා. ඒත් ඡායාරූපකරනය ඊටත් බොහෝ ඈත අතීතයේ ඇති වූ දෙයක්.. අවුරුදු 186ක අතීතයක් මෙය සතුයි. ඒ කියන්නේ අදට (2012 අගෝස්තු මස 19 දිනට), ජෝශප් නිසිපෝ නීප්සේ විසින් ලොව මුල් ම ඡායාරූපය සටහන් කොට වසර 186ක් වෙනවා.. ඒවගෙම මේ ඓතිහාසක ඡායාරූපයේ ෂටර් ස්පීඩ් එක පැය 8ක්! තප්පරයෙන් 1/8ක් එහෙම නෙවෙයි, පැය වලින්ම 8ක්! 



ඉන් පසුව මේ ප්‍රංශ ජාතික ජෝශප් නිසිපෝ නීප්සේ තවත් ප්‍රංශ ජාතිකයෙකු වන ලුයිස් ජේකස් එක්ක එකතු වෙලා මේ ඡායාරූපකරණය ගැන තවත් පරීක්ෂණ කලා. ඒයාලගෙ අරමුණ වුනේ මේ වැඩේ තවත් ලෙහෙසි පසසු දෙයක් කරගන්න එකයි. පැය 8ක් එක ෆොටෝ එකක් ගන්න ගතකරනවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයිනෙ.

1833දි  ජෝශප් නිසිපෝ මියගිය අතර එතැන් සිට ලුයිස් විසින් තනිවම පරීක්ෂණ කටයුතු දිගටම කරගෙන ගියා. 1839දි ඔහු සමත් වුනා හොදින් ඔපමට්ටම් කරන ලද තඹ තහඩුවක් මත ඡාරූපයක් සටහන් කරන්නට.
මේ ෆොටෝ නිසිපෝගෙ මුල් ඡායාරූප වලට වඩ තත්වයෙන් උසස් වුනත් කාලය පිළිබච ගැටලුව එසේම පැවතුනා. බොහෝ දිගු අනාවරණ (Exposure) කාලයක් මේ සදහා අවශ්‍ය වුනා.

මේ අතර ඉංග්‍රීසි ජාතිකයෙකු වන විලියම් හෙන්රි ෆොක්ස් (William Henry Fox Talbot - 1800–1877) සමත් වුනා ලොව ප්‍රථම නිගටිව් සේයා පටලය නිෂ්පාදනය කරන්නට. මෙමගින් එක ඡායාරූපයකින් පිටපත් කිහිපයක් ලබාගැනීමේ හැකියාව ලැබුණු අතර එයත් ඉතාමත් වැදගත් සොයාගැනීමක් වුනා. 

1840 දක්වාම මේ ඡයාරුපකරණ තාක්ෂණය ක්‍රමයෙන් සෙමින් දියුණු වෙමින් ආවත් 1840දී ජෝසෆ් පෙට්ස්වාල් විසින් සරල කාචයක් නිර්මානය කරන තුරුම සෑම කැමරාවකම අනාවරණ කාලය පැවතියේ පැයක් දෙකක් අතර කාලයකයි. පෙරට වඩා 16 ගුණයක් වැඩියෙන් ආලෝකය කැමරාව තුලට ඇතුලු වීමට ජෝසෆ් පෙට්ස්වාල් විසින් ඉඩ සැලසූ අතර එමගින් අනාවරණ කාලය විනාඩි 4ක් 5ක් වැනි අඩු අගයකට පැමිණියා.

ඊළග දශක හතර තුල කැමරා තාක්ෂණය ක්‍රමයෙන් දියුණු වු අතර මෙය මුළින්ම මිනිසුන් අතරට ගෙන ගිය අයෙක් හැටියට ඇමෙරිකානු ජාතික ජෝර්ජ් ඊස්ට්මන් (1854-1932) හැදින්විය හැකියි. 1888දී ඔහු විසින් කුඩා පෙට්ටි කැමරාවක් හදුන්වාදුන් අතර එම කැමරාව නම් කරන ලද්දේ "KODAK" යන නමිනුයි. අද අප කවුරුත් දන්නා සුප්‍රසිද්ද කොඩැක් කැමරාවේ ආරම්භය එයයි.

එදා සිට අද දක්වා නොයෙකුත් වෙනස්කම් වලට මුහුණෙ දෙමින් පැමිණි ඡායාරූපකරණය අද වන විට ඩිජිටල් යුගයේත් බොහෝ දුර ගොස් තිබෙනවා. ඉතින්, ඡායාරූපකරණයේ ඊළග යුගය කෙබදු වේවිද??
සමහර විට ඒ යුගය වැඩි ඈතක නොවන්නටත් පුලුවන්!

වැඩි විස්තර - WWW.FOXZEYE.TK


තොරතුරු - අන්තර්ජාලයෙන්

6 comments:

  1. නියමයි.සුබ උපන් දිනයක් යාළුවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලූ!!!

      Delete
  2. අපුරු පෝස්ටුවක්..:) ඔබට සුභ උපන් දිනක් සහෝ :)

    ReplyDelete
  3. සුබ උපන් දිනයක් !!!

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ශක්තියක්...
කියවලා බලලා අදහසකුත් දාලම යන්න...


VISIT NILUSHAN RUSIRU'S PHOTOSTREAM.